Ad

පාස්කු ප්‍රහාරයට ‌මෛත්‍රී අත්අඩංගුවට?


ඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‌හිටපු ජනාධිපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම අත්අඩංගුවට ‌ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කළ යුතු බව හිටපු අමාත්‍ය පාලිත රං‌ගේ බණ්ඩාර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා ‌ලෙසත්, ආරක්ෂක ‌අමාත්‍යවරයා ‌ලෙස කටයුතු කළ බව කී රං‌ගේ බණ්ඩාර මහතා රටම ඉලක්ක කර භයානක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට බුද්ධී අංශ විසින් අනතුරු අගවා තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට සිරිසේන මහතා අපොහොසත් වූ බව ද කියා සිටියේය.

එමෙන්ම වගකිවයුතු අමාත්‍යවරුන් සහ නිලධාරීන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැදවා නැති බව ‌පෙන්වා දුන් ඒ මහතා ඒ හරහා සිරිසේන මහතා සිය වගකීම් පැහැර හැර ජනතාව බිලි පූජාවකට යවා ඇති බවද කියා සිටියේය.

එමෙන්ම ප්‍රහාරය එල්ල වන විට සිංගප්පූරුවේ සිටි හිටපු ජනාධිපතිවරයා ලංකාවට හදිසියේ පැමිණීමට ගුවන් යානා ‌වෙන්කරගැනීමට ‌නොහැකි වූ බව ප්‍රකාශ කර තිබුණද ‌‌මේ වනවිට එය සම්පූර්ණ අසත්‍යයක් බව ඔප්පු වී ඇතැයිද සදහන් කළේය.

ඒ මහතා ‌මේ බව සදහන් කර සිටියේ ඊ‌යේ (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.