වියත් මග – පොහොට්ටු දෙපැත්තට ඇදිල්ලක්



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන වියත් මග සංවිධානය සහ අගමැති මහින්ද රාජපක්ෂ නියෝජනය කරන පොහොට්ටු පක්ෂ ප්‍රධානීන් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් පවතින බව රාවයට වාර්තා වේ.

වියත් මග සංවිධානයේ ප්‍රබලයකු වන මහාචාර්ය චන්න ජයසුමන පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය සහ ඊට පිළිතුරු ලෙසින් පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු වන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කර ඇති ප්‍රකාශයන් ඊට හොඳම නිදසුන ලෙස එම තොරතුරු මාර්ගවලින් කියවේ.

මේ අතර වියත් මග සංවිධානයේ පතක යෝධයින්ද වියත් මග ප්‍රධානීන් කෙරෙහි දැඩි අමනාපයකින් පසුවන බවද දැනගන්නට ඇත. වියත් මග සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන ප්‍රසිද්ධ මහාචාර්යවරයකු පැවසුවේ රජයේ ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී ඒ අංශ පිළිබඳ දැනුම් ඇත්තන් පත්කර නැති බවය. සමහරකුට විෂය පිළිබඳ දැනුමක් තිබුනද වසර දහය පහළොව සිට ඔවුන් සිය විෂය වෙනුවෙන් කළ කි දෙයක් නැති බවය.

මේ අතර ගම්පහ දිසාවේ වියත් මග ප්‍රබල සාමාජිකයන් පහළොස් දෙනෙකු පමණ තනතුරු සඳහා අයදුම්පත් භාරදී තිබුණද ඔවුනට තොරතුරු ලබා නොදීම පිළිබඳ කණගාටුවෙන් පසුවෙන බවද රාවයට දැනගන්නට ඇත.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.