විවේචනයට බියෙන් රජය දැඩිව මාධ්‍ය පාලනය කරනවා – එරාන්



නව රජය බලයට පත් වූ ද සිට මාධ්‍ය මර්ධනයක් සිදු කරමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විපක්ෂ නායක කාර්යාලයේදී පැවතී මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මාධ්‍ය නිදහසට ඇතිව ඇති ප්‍රශ්න පිළිබඳව වත්මන් ජනාධිපති වරයා දැනුවත්ද යන්න පිළිබඳ තමන් නොදන්නා බව ප්‍රකාශ කල එරාන් මහතා කියා සිටියේ මෙම මාධ්‍ය නිදහසට බාධා කිරීම රටේ ආර්ථිකයට පවා බලපානු ලබන කරුණක් බවයි.

රටේ ආයෝජනයක් කිරීමට පැමිණෙන ආයෝජකයින් ආයෝජනය කිරීමට පෙර රටේ ඇති තත්වය පිලිබඳ සොයා බලන බවත් එහි යහපත්නම් පමණක් ඔවුන් මෙරට ආයෝජනය කරන බව ඒ මහතා කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් එරාන් මහතා මේවන විට දැඩි පාලනයක් මාධ්‍ය වලට යොදා ඇති බවත් යහපාලනය පැවති සමයේ මාධ්‍යවේදීන්ට ඕනෑම ප්‍රශ්නයක් ඇසිය හැකි වටපිටාවක් ගොඩනැගී තිබුන අතර රජයට ඒවාට පිළිතුරු දීමට හැකියව තිබුන බවත් සඳහන් කරන ලදී.

ප්‍රශ්න වලට බයෙන් පාලනය ගෙන යන රජයක් මර්දනය තුලින් ඒවා මඟහැරීමට උත්සහ කරන බවද ඒ මහතා කියා සිටියේය.

නවරජය බලයට පත් වූ විගසම ඔවුන් සිදු කලේ සමාජ මාධ්‍ය ජාල හරහා ක්‍රියාත්මක වන සමහර මාධ්‍ය ආයතන වලට ගොස් ඒ මාධ්‍ය ආයතන වල දත්ත පරික්ෂා කර ඔවුන්ව බිය වැද්දවීම බවත් නමුත් මේ කිසිදු දෙයක්ය බිය නොවිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී.

රජයේ දුර්වලතා පෙන්වන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පිළිබඳව ඔත්තු බැලීමට මේවන විට විවිධ කණ්ඩායම් පැමිණෙන බවට තමන්ට තොරතුරු වාර්තා වන බව පැවසු ඒ මහතා, පොලිසිය මෙන්ම ඔවුන්ද මාධ්‍යකරණයේ යෙදෙන්නන්ට වන අකටයුතුකම් දෙස අවධානයෙන් බලා සිටින බවත් මෙහිදී කියා සිටියේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.