ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින්වලින් ගැටලු රැසක්..


ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් පිළිබඳ සොයා බැලීමට ඉන්දිය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙනවා. 

එම දුම්රිය එන්ජින් පිළිබඳ දෝෂ ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් මෙලෙස ගෙන්වා ඇති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසන්නේ.මෙම දුම්රිය එන්ජින් කට්ටල මෙරට දුම්රිය මාර්ගවල ධාවනයට යෝග්‍ය නොවන බවයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ. 

මෙරටට ආනයනය කරන ලද එන්ජින් 08න් 03ක් පමණක් මේ වන විට ධාවනයට එක් කර ඇති අතර එහි දුම්රිය එන්ජින් දිගින් වැඩි වීම හේතුවෙන් දුම්රිය මාර්ග වලදී එය හසුරුවා ගැනීමේ අසීරුතාවකට මුහුණ දෙන බවත්, ඒ හේතුවෙන් දුම්රිය ස්ථානවල සැකැස්ම පවා වෙනස් කිරීමට සිදු වූ බවයි එම සංගමය සඳහන් කරන්නේ.

එමෙන්ම තාක්ෂණික වශයෙන් මෙම එන්ජින්වල දෝෂ සහිත බැවින් අවස්ථා කිහිපයක දුම්රිය මාර්ගයේදී එන්ජින් නතර වුණු බවද, ඔවුන් සඳහන් කළා.

මෙම දුම්රිය එන්ජින් පරීක්ෂා කොට අදාළ ඉන්දීය දුම්රිය පරීක්ෂක නිලධාරීන් ලබාදෙන වාර්තාව ඉදිරියේදී තමන් මාධ්‍ය වෙත ද නිකුත් කිරීමට නියමිතයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.