ලංගම සභාපතිට ප්‍රවාහන ඇමතිගෙන් රතු එළියක්..


ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රාජකාරි කටයුත් සිදුවන ආකාරය ගැන එහි සභාපතිවරයාට ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රතු එළියක් දක්වා ඇතැයි වාර්තා වනවා.

ලංගම ඇතැම් ඩිපෝවල ඉඩ නොදෙමින් ඇතැම් වෘත්තීය සංගම් සාමාජිකයන් පහරදීම්, ඩිපෝ අධිකාරීවරුන්ගේ කාර්යාල වසා දමා අධිකාරිවරුන්ට සේවයට ඒමට ඉඩ නොදීම ආදී සිද්ධීන් ගැන සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඇමතිවරයා සභාපතිවරයාට දන්වා තිබුණා.

එමෙන් ලංගම සතු බස් රථ 6000න් රියැදුරන් නොමැති නිසා බස් රථ 700ක් ධාවනයේ නොයදීම පිළිබඳ සාකච්ඡාකොට වැඩපිළිවෙළක් යොදන ලෙසටත් ඇමැතිවරයා සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබූ බව සඳහන්.

නමුත් එම උපදෙස් අනුව සභාපතිවරයා ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් අමාත්‍යවරයා මේ අනතුරු ඇගවීම ලංගම සභාපතිවරයාට කර ඇති බව සඳහන්.

පසුගිය දා පැවති සාකච්ඡාවකට ජාතික ගමනාගමන කොමිෂමේ සභාපතිවරයා පැමිණ සිටියත් ලංගම සභාපතිවරයා පැමිණ නැහැ.

ඇමැතිවරයා ලෙස තමා දැම්නුදෙන කාරණා සම්බන්ධව ක්‍රියාමාර්ග නොගන්නවා නම් සභාපති පදවියෙන් ඉවත් වන ලෙස අමාත්‍යවරයා ලංගම සභාපතිවරයාට අවධාරණය කර ඇති බවයි වාර්තාවන්නේ.

තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ නීතිඥ කිංස්ලි රණවක මහතායි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.