Ad

කොරෝනා ලංකාවට ආවොත්?


කොරෝනා වෛරසය පිළිබඳ වෛද්‍ය හසින්ද උදලාගම මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.එහි දක්වා තිබුණේ පවතින තත්ත්වය මත කොරෝනා වෛරසය ලංකාවට පැමිණිම වැලැක්විය නොහැකි බවයි.
වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින්

“දැනට පේන්න තියන හැටියට වයිරස් එක ලංකාවට එන එක වළක්වන්න බෑ. “පළවෙනි ලෙඩා වාර්තාවෙන්නෙ කවදද” කියන ගැටළුව විතරයි දැන් තියෙන්නෙ. මේක මෙහෙම කිව්වට බය වෙන්න එපා. ස්වසන වයිරස් එකකින් බේරෙන්න උතුරුකොරියාවටවත් බෑ. 

ඒක ස්වභාවිකයි. Air port එකේ මොන තරම් ආරක්ෂාකාරී පියවර ගත්තත් සතිදෙකක විතර Incubation Period එකක් සහිත වයිරස් එකක් අරන් එන රෝග වාහකයින් අල්ලගන්න එක අමාරුයි. කිසි රෝගලක්ෂණයක් නැතුව කූල් එකේ air port එක හරහා යන ඕනම විදේශිකයෙක්ගෙ හෝ සංචාරකයෙක්ගෙ ඇඟේ ඒ වයිරස් එක තියෙන්න පුලුවන්.”

“දැනට එයාපෝට් එකේ චෙක් කරන්නෙ ශරීර උෂ්ණත්වය වැඩි අය කවුද කියන එක. Incubation period එක එහෙම නැත්නම් වයිරස් එක ශරීරය ඇතුලෙ වර්ධනය වෙන කාලය තුලදි උෂ්ණත්වයෙ ලොකු වෙනස්කම් නොවෙන්න පුලුවන්. එන හැම කෙනාගෙම වයිරස් එක චෙක් කරන එක ප්‍රායෝගික වැඩක් නෙමේ. 

එහෙමයි කියල ගුවන් තොටුපොලේ මුකුත්ම නොකර තියන්නත් බෑ. අනිත් එක ඉක්මනින් රෝග වාහක මනුස්සයෙක් අල්ලගෙන ඒ මාර්ගයෙන් වයිරස් එක හඳුනා ගන්න එකත් වැදගත්. වෙනත් විදියකට කිව්වොත් ලංකාවට අදාලව “Patient Zero” හඳුනාගන්න එක ඉක්මනින් කරගන්න වෙනවා.”

“මූලික අවධානය යොමු වෙන්න ඕනෙ පළවෙනි ලෙඩා වාර්තා වුණ මොහොතෙ ඉඳල මොකක්ද කරන්නෙ කියන එක. දන්න විදියට මේ වගේ ගෝලීය වසංගතයක් යන වෙලාවට ක්‍රියාත්මක කරන ආපදා කළමණාකරණ සැලැස්මක් සෞඛ්‍ය සහ අනෙක් අංශ සතුව තියනවා. H1N1 එකත් ලොකු තුවාලයක් නැතුව ලංකාව මැනේජ් කරගත්තා. ඒ නිසා අනවශ්‍ය කලබලයක් නම් අවශ්‍ය නෑ කියන එකයි මගෙ පුද්ගලික මතය. 

එකම දේ චීන කම්කරුවො සහ අනිත් ශ්‍රමිකයො ටික හරියට කලමණාකරණය කරගන්න එක. ඒකටත් හොඳ සැලැස්මක් හදාගත්තා නම් අනාගතයටත් වටිනවා. ලෝකෙ මෑත කාලෙ ආව වසංගත වැඩිපුරම ආවෙ “වෛරස් සේදමාවත” දිගේ. ලංකාව ඒකෙ අනාගත අවදානම සුළුවෙන් තකන්න හොඳ නෑ.”

“අපේ මිනිස්සු හරි අසරණ වෙලා ඉන්නෙ. පොඩ්ඩ බැරිවෙනකොට කලබල වෙනවා. හැම පැත්තෙන්ම බැට කාලා කාලා ඉන්න වෙලාවක මේ වයිරස් එක ඇවිල්ලා මොන කලබලයක් කරයිද මන්දා. ලොකුවට වසංගතයක් ඇති වෙන්න ඕනෙ නෑ – නිකමට පළවෙනි ලෙඩා වාර්තාවුණා කිව්ව ගමන් හිඟන චැනල් ටිකයි ෆේස්බුක් පේජ් මල්ලිලා ටිකයි රට ගිණිතියයි. 

දැනටත් ඒ ලකුණු තියනවා. අන්තිමේදි වයිරස් එක නිසා නෙමේ ආරංචිය නිසා මිනිස්සු අනවශ්‍ය විදියට පීඩාවට පත්වීමේ ලොකු ඉඩක් තියනවා. මේ වයිරස් එක කළමණාකරණය කරනවා වගේම මේ කලබලය කළමණාකරණය කරගන්න එකත් ලොකුම චැලේන්ජ් එකක් අපිට.”

මේ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නෑ. සෞඛ්‍ය අංශ ගැන විශ්වාසය තියමු. අතර මුදිත ලියනගම මහතාද සිය ෆේස් බුක් ගිණුමේ නක කොරෝනා වෛරසය පිළිබඳ සටහනක් තබා තිබුණා.

ඔහු සඳහ්න කර තිබුනේ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඔහු දක්වා තිබූ සටහනද පහතින්.
Novel coronavirus (nCoV) හැබෑ ප්‍රශ්නය සැඟවීම නිසා ජනතාව ප්‍රශ්නයේ වලිගයෙන් අල්ලාගැනීමට පෙර.
———————————-
“කොටි වලිගය අල්ලාගත්තා වගේ” යයි කතාවක් ජන වහරේ ඇත. කොටියා දරුණු සතෙකි.ඌ මට්ටු කරන්නට සිතා වලිගයෙන් අල්ලාගැනීම භයානකය. එයින් ඌ මේච්චල් කළ නොහැක.සදාකාලිකව අල්ලාගෙන සිටන්නටද නොහැක.අත්හැරිය විගස පැන හපාකන්නේය.ගැලවීමක් නොමැත.

චීනයේ දැනට සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනාවෛරස් ආසාදනය හේතුවෙන් 41 වැනි මරණයත් වාර්තා වී ඇත. චීනය හැර වෙනත් රටවලින් ආසාදිතයන් 20ක් වාර්තා වී ඇත. නවතම ආසාදිතයන් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවෙන් හා ප්‍රංශයෙනි. වත්මන් වාර්තා අනුව ආසාදිතයන්ගෙන් 3.6%ක් වන මරණ අනුපාතයක් පවති. 

චීනය විසින් රෝගය පැතිරීම පාලනයට ගන්නා ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිකරමින් රෝගය චීන පුරා තවදුරටත් ව්‍යාප්ත වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අනුව ලංකාවට ඇති ප්‍රශ්නය ලංකාවේ ආසාදිතයන් දැනට සිටිනවාද යන්න නොව පළමු ආසාදිතයා වාර්තා වන්නේ කවදාද යන්නත් ඉන්පසු කුමක් කළයුතුද යන්නත් බවට ජනතාව හා බලධාරින් සිහි එළඹගන්නේ නම් මැනවි.

මේ සියලු ව්‍යසන මැද UK studio Ndemic Creations ආයතනය විසින් වසර අටකට පමණ පෙර එළිදැක්වූ Plague Inc නම් පරිගණක ක්‍රීඩාව චින ජනතාව අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් ඇත. එහි ඇත්තේ මරණීය විෂබීජයක් ක්‍රියාත්මකවී ප්‍රතිකාර සොයාගැනීමට පෙර ලෝකයේ මිනිස් සංහතිය විනාශවී යන ආකාරයයි. චීන ජනයා අතර මෙය ජනප්‍රිය වී ඇත්තේ “රෝගයට ඇති බිය නැතිවීමට නම් මුහුණට මුහුණ සටන් කළයුතුය” යන තේමාවෙන් බව ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කරයි. 

මෙයට හේතුව මිනිසුන්ට රෝගය පාලනය පිළිබඳ නිසි දැනුවත් කිරීමක් නොමැතිවීම හේතුවෙන් කිසිසේත් පළක් නැති විකල්ප කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැගීමයි. “චින ජනතාව සුවපත් වේවා” ප්‍රාර්ථනා පෝස්ට් දැනටමත් ලංකාවද ඇතුළ බොහෝ රටවල් වල සමාජ මාධ්‍ය අතර සැරිසරමින් ඇත.

මෙවැනි විකෘති සමාජ තත්ත්වයන් යටතේ ලංකාවේ පළමු ආසාදිතයා වාර්තා වුවහොත් එය නිට්ටාවට සුවකිරිමට ඩෙංගු තරංගා කුමාරිලා, දෙව්සුව දීගොඩ කුමාරලා වැනි ගොඩ වෙදුන් පඳුරක් පඳුරක් ගානේ බිහිවී ජනතාව අවුලෙන් අවුලට ඇද දමනු ඇත. එවැනි ව්‍යසනයක් අවම කරගතහැක්කේ දැනුමෙන් ජනතාව සන්නද්ධ කිරීමෙන් පමණකි. 

දැනට පැය 24 පුරා දේශපාලුවන්ගේ කුණු අවුස්සමින්
“අපේ ප්‍රශ්නයක් නෙමයි” වගේ තත්පර 30 ක විදෙස් පුවත් වලට පමණක් කොරෝනාවෛරසය ගැන දෙසන ජනමාධ්‍ය වලින් නම් එය බලාපොරොත්තු විය නොහැකිය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.