සතියකට පෙර ලංකාවෙන් ඉතාලියට ගිය කතකට කොරෝනා රෝග ලක්ෂණ..


කොරෝනා ‌‌‌වයිරසය ආසාදනය වී ඇති බවට සැකපිට ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික 63 හැවිරිදි කාන්තාවක් නේපල්ස් හි කොටුග්නෝ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

මෙම පුවත ඉතාලියේ ඉල් මැටිනෝ පුවත්පත විසින් හෙළිදරව් කර ඇති අතර, ඒ අනුව බෝවන රෝග පිළිබඳ විශේෂඥ න්ගේ අධීක්ෂණය යට‍තේ විශේෂිත නියෝටලියානු ව්‍යුහයක් තුළ ආරක්‍ෂිතව අයට ප්‍රතිකාර කිරීමට දැනටමත් ආරම්භ කර ඇත.

එරට මාධ්‍ය වාර්තා කර තිබු අන්දමට මෙම කාන්තාව කොරොනා වයිරසයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන අධික උණ සහ ශ්වසන ආබාධ සහිතව රෝහලට පැමිණ තිබුණි.
එසේ රෝහල වෙත යාමට පෙර ඇය සතියකට පෙර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉතාලියට ගොස තිබු අතර පසුගිය අඟහරුවාදා වන විට ඇය පළමු රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන තිබුණි. 

දින තුනක අධික උණ සහ නරක අතට හැරුණු ඇය පරීක්‍ෂණයක් සඳහා රෝහලට යාමට තීරණය කර තිබුණි.
යම් හෙයකින් ඇයගේ රෝගී තත්වයට හේතුව කොරෝනා වයිරසය බව නිශ්චිත වුවහොත් එය ඉතාලියේදී ඇයගේ ශරීරයට ඇතුළු වුයේද නොඑසේනම් ශ්‍රී ලංකාව තුලදීම රෝග ලක්ෂණ පෙන්වා ඇතිද යන්න සොයා බලා රෝගයෙන් වැළකීමේ පියවර දෙරටේම අනුගමනය කල යුතුය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.