මුළු රටේම පන්සල්වල අවශ්‍යතා ඉටුකරන්න අපිට හැකි වෙයි-අගමැති


විහාරස්ථානවග අවශ්‍යතා හඳුනාගෙන හැකි ඉක්මනින් ඒ අවශ්‍යතා ඉටුකිරීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හොරොව්පතාන කුඩාගම බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය. "පන්සල් 10000ක් පමණ අපේ රටේ තිබෙනවා. ඒ පන්සල්වලින් සෑහෙන ප‍්‍රමාණයකට හාමුදුරුවෝ කෙනෙක් නැහැ. මේක ප‍්‍රශ්නයක්. 

පන්සල තිබුණත් හාමුදුරු කෙනෙක්නැහැ. දැන් පොඩි හාමුදුරුනමක් පන්සල්වලට යොමුකරලා නැවත පන්සල් ගොඩනංවාගෙන යමින් තිබෙනවා. ඇයි එහෙම වෙන්නේ. 
මට සෙල්ලම් කරන්න පවුලේ නව දෙනෙක් හිටියා. අද පවුල්වල එහෙම නෙවෙයි. පවුලකට දරුවෝ ඉන්නේ එක්කෙනයි. දෙන්නයි.

එදා මහණ කරන්න දෙන්න දරුවෙක් හිටියා. යුද්ධයට යවන්න දරවෙක් හිටියා. ගොවිතැන් කරන්න දරුවෙක් හිටියා. මේවාට යවන්න ජනතාව ළග දරුවෝ හිටියා. 

අද කෙස් ගානට තියා අං ගානටවත් මහණ කරන්න දරුවෝ නැති තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය පිළිබදව බෞද්ධ ජනතාවගේ අවධානය යොමුවිය යුතුයි.
අපි පන්සල්වල තියෙනඅඩු පාඩු දන්නවා. පසුගිය කාලයේ අපි සමහරක් පන්සල්වලට කෝටි ගණන් සල්ලි දීලා තියෙනවා. 

අවශ්‍යතා ඇති පන්සල් හඳුනාගෙන, දුප්පත් පන්සල් වල අවශ්‍යතා ඉටුකරන්න පියවර ගන්න කියලා බෞද්ධ කටයුතු භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දීලා තියෙනවා. 

ඒ අනුව අපිට හැකි වෙයි මුලූ රටේම තිබෙන පන්සල්වල අවශ්‍යතා ඉටුකරන්න."

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.