විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන නීතිපතිගෙන් කරුණු විමසීමට යයි.


මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි උපදෙස් ලබා දීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා, කථානායක කරූ ජයසූරිය මහතා හමුවට පැමිණවිය යුතු බවට ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කර තිබෙනවා.

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගියදා උපදෙස් ලබා දී තිබුනා.

ඒ විනිසුරුවරයා ,මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.