Ad

කොරෝනා අසාදිත චීන කාන්තාව ලංකාවේ සංචාරය කළ තැන් සහ හෝටල් අනාවරණය වේ – සෞඛ්‍ය ඇමතිනී ගුවන්තොටුපොළ නිරීක්ෂණයක


නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හමු වූ චීන කාන්තාව නවතැන් ගෙන සිටි හෝටල් සහ ඇය ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ විශේෂ පරීක්‍ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීමත් සමඟ ඇය ශ්‍රී ලංකාව තුළ ගතකල කාලය තුල රැඳී සිටි ස්ථාන වල තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ජනවාරි 19 වන දින ඇය සහ පිරිස එයාර්පෝට් ගාර්ඩ්න් හෝටලයේ නවාතැන්ගෙන පසුදින සීගිරිය බලා ගොස් රාත්‍රී නවතන් ගෙන ඇත්තේ සීගිරිය ජන්ගල් හෝටලයේදී.
ජනවාරි 21වන දින සීගිරියේ සිට මහනුවර දක්වා ගොස් ඇති අතර දහවල් ආහාරය ලබාගෙන ඇත්තේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ ඉසිවර ගාර්ඩ්න් හිදියි.

එදින රාත්‍රිය ඇය මහනුවර අමායා හිල්ස් හෝටලයේ ගත කර ඇති අතර පසුදින දහවල් ආහාරය ඕක් රේ හෝටලයෙන් ලබාගෙන නුවරඑළිය වෙත ගොස් ඇති අතර රාත්‍රී ආහාරය ගෙන ඇත්තේ අරලිය ග්‍රීන් හිල් හොටෙල් හෝටලයේයි.

ඇය ජනවාරි 23වන දින නුවරඑළියේ සිට ගොස් අහුන්ගල්ල රියු හෝටලයේ නවාතන් ගෙන 24 වන දින රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට් හිදී දහවල් ආහාරය ලබාගෙන තිබෙනවා.

එදින රාත්‍රිය ගත කර ඇත්තේ ද අහුන්ගල්ල රියු හෝටලයේයි. මෙම චීන කාන්තාව නවතැන් ගෙන සිටි හෝටල් සහ ඇය ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ සති 02ක් ඉදිරියට විශේෂ පරීක්‍ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

ඒ අතර වාරයේ ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍ර වන්නිආරච්චි ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුනා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.