Ad

කොරෝනා නිසා චීනය සමග පවතින සම්බන්ධතා නවත්වන්නේ නෑ – මහින්ද අමරවීර


මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාපාරයට යම් බාධාවක් එල්ල වුවත්, චීනය සමඟ පවතින සබඳතාවලට එය බාධාවක් නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොරෝනා වෛරසය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට බාධාවන් එල්ල වන බවයි.

කෙසේ වෙතත් එන ඕනෑම අභියෝගයක් බාර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
චීනයත් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන බවත් පැවසීය.

කොරෝනා වෛරසය පැමිණි පමණින් චීනය සමඟ ඇති සම්බන්ධය නෙනවතින බව සඳහන් කළ අමාත්‍යවරයා එයට අදාළ සෞඛ්‍ය විධි විධාන ක්‍රියාත්මක කරන බව කියා සිටියා.

මෙම වෛරසය වැළැක්වීමට මුළු ලෝකයම අද වන විට එකතු වී ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මනින් එය පාලනය කර ගත හැකි බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.