Ad

රටෙහි සම්පත් අළෙවි කිරීමට වත්මන් රජයට අවශ්‍යතාවක් නැහැ – අගමැති


ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් රජය රටේ කිසිඳු සම්පතක් විදේශිකයින්ට විකුණන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ශ්‍රවණාගාරයේ අද (28) පැවති පැවැති උත්සවයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රජය තබා ඇති විශ්වාසය රකිමින් වඩාත් කාර්යක්ෂම සේවයක් ඉටු කිරීම රේගුවේ යුතුකමක් සහ වගකීමක් බවයි. 

රේගුව හරහා රටට අනවශ්‍ය දේ ඇතුල්වන බවත්, ඒවා නතර කළ හැකිනම් රටේ ආදායම වැඩි වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

රටේ ආදායමෙන් 56% ක් උපයනු ලබන්නේ රේගුව බවත්, ඒ මුදල භාවිතා වෙන්නේ රටේ සංවර්ධනය සදහාබවත් රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළා.

පසුගිය රජය, රටෙහි සම්පත් විදෙස් රටවලට අළෙවි කළද තම රජයට එවන් අවශ්‍යතාවක් නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.