Ad

දකුණු ආසියානු කලාපයේ ලෝක බැංකු උප සභාපති හා අගමැති අතර හමුවක්..


දකුණු ආසියානු කලාපයේ ලෝක බැංකු උප සභාපති හාර්ට්විග් ෂාෆර් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (31) පැවැත්වුණා.

එහිදී ෂාෆර් මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ ලෝක බැංකුවට දිගු කාලීන සබඳතා තිබෙන බවත් නව රජයේ දැක්මට සහයෝගය දැක්වීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සහ ග්‍රාමීය අංශ සංවර්ධනය නව රජයේ ප්‍රධාන අරමුණු වන අතර කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් සඳහා සහයවීමට දැඩි උනන්දුවක් දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ ඛේදවාචකයෙන් රට යථා තත්ත්වයට පත්වන ආකාරය දැකීම සතුටක් බවද ෂාෆර් මහතා එහිදි ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාපෘතීන් හඳුනාගැනීමට ලෝක බැංකුවට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

නව රජයට දැඩි ආතතියකට ලක්ව තිබූ ආර්ථිකයක් උරුම වී ඇති බව සඳහන් කළ උප ජනාධිපතිවරයා හඳුනාගත් අංශ සඳහා සහාය ලබාදීමටද මෙහිදී එකඟතාවය පළ කර තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.