විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ධූරයට රංජිත් කුමාර සමරකෝන්.



ප්‍රවීණ මාධ්‍යවේදීයෙකු,පුවත්පත් කතෘවරයෙකු මෙන්ම ග්‍රන්ථ කතෘවරයෙකු වන රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කොට තිබේ.

දශකයකට වැඩි කලක් මාධ්‍ය ක්ශෙත්‍රයේ අත්දැකීම් ඇති හෙතෙම, ඉරුදින, පෙරමුණ , ලක්බිම, මව්බිම වැනි පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති අතර විද්‍යුත් මාධ්‍ය ක්ශෙත්‍රයේද බොහෝ අත්දැකීම් ඇත්තෙකි.

තරුණ සේවා සභාවේ මාධ්‍ය ඒකකයේද කටයුතු කර ඇති ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසිනෙ ආයතනයේ විශේෂ ව්‍යාපෘති සහ නිර්මාණ අධ්‍යක්ෂ ලෙසද කලක් කටයුතු කර ඇත.


අවසන් වරට ඔහු ලේක් හවුස් ආයතනයේ රැස පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස සේවය කළේය.


සම්මුඛ සාකච්ඡා මෙහෙයවන්නෙකු,තීරු ලිපි රචකයෙකු, විශේෂාංග රචකයෙකු මෙන්ම නිර්මාණශීලී මතවාද ඉදිරිපත් කරන්නෙකු ලෙසද ඔහු විශේෂ භූමිකාවක් ඉදිරිපත් කොට තිබේ.


යල් පැනගිය මිථ්‍යා විශ්වාස, අපරාධ හා ඕපාදූප ප්‍රාසාංගීකරණය කරමින් පාඨකයා රැවටීම හා ඇන්දවීම වෙනුවට ඔවුන් සමග හරවත් බුද්ධිමය සංවාදයක නිරත වීම අරමුණු කරගෙන ආරම්භ කළ රැස පුවත්පත පසුගිය වකවානුවේ ආන්දෝලනාත්මක වාර්තාකරණයක නිරත වූ පුවත්පතකි.
එහි කතෘවරයා වූයේ රංජිත් ය.


පසුගිය අර්බුධකාරී දින 52 තුල ඔහු සිය මාධ්‍ය භාවිතය රැස අරමුණු වලට අනුගතව ඉතා උපක්‍රමශීලීව සිදු කළේය.

ඔහු විසින් රචිත "හුස්ම ගන්න අකුරු" කෘතිය පාඨක විචාරක නොමද ප්‍රසංසාවට ලක් විය.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.