Ad

වතු කම්කරු වැටුප් වැඩි කිරීම ප්‍රෝඩාවක් වන ලකුණු!

මාර්තු පළමුවැනිදා සිට වතු කම්කරුවන්ගේ වැටුප රු. 1000/ දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි යනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය දැනුම්වත් කළ ද, මෙතෙක් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට නැති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ් අප කළ විමසීමක දී ප්‍රකාශ කළේ ය. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ වැටුප් වැඩිකිරීමට නම් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තීය සමිති ඒ සඳහා එකඟ විය යුතු බවය. එහෙත් මේ දක්වා එවැනි කිසිදු සාකච්ඡාවක්  සිදුවී නොමැති තත්වයක් යටතේ මෙම ප්‍රකාශය ගැටළු සහගත බවය. මේ නිසා මේ යෝජනා කරන වැටුප් වැඩි කිරීම සිදු කරන ක්‍රමවේදය ද ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් එසේ නොවුණොත් මේ පොරොන්දුවත් තවත් රැවටිල්ලක් බවට පත්වන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

දැනටමත් වතු හාම්පුතුන් මෙම තීරණයට එකඟ නැති බව ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග යුද තත්ත්වය නිසා තේ අපනයනයට බාධා පැමිණ තිබෙන බව ඔවුන් පෙන්වා දී ඇත. ඊට අමතරව ඉන්ධන මිල ඉහළ යාම, පොහොර සහනාධාරය ලබා දීම පිළිබඳ ආණ්ඩුව මුනිවත රැකීම ඇතුළු තවත් ප්‍රශ්න ගණනාවක් ඔවුන් ඉදිරිපත් කර තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.