Ad

අහෝ සජිත්! ඉල්ලුවෙ නායකත්වය ඒත් ආයෙත් නියෝජ්‍ය නායක.


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් එජාපයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණය තෙක් නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ අතර ජනාධිපතිවරණ පරාජයෙන් පසුව එම තනතුරින් ඉල්ලා අස්විය.

මේ වනවිට පුරප්පාඩු වී ඇති කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ඇතුළු පක්ෂයේ සියලු තනතුරු ලබන සඳුදා (27) වනවිට පුරවා අවසන් කිරීමට ද පක්ෂ නායකත්වය තීරණය කර තිබේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ ඡන්දය විමසන ලෙස සජිත් පාර්ශ්වය ඉල්ලා සිටි අතර කෙසේ වෙතත් එජාප නායකත්වය පවසන්නේ එවැනි ඡන්දයක් පැවැත්වීමට කටයුතු නොකරන ලෙස එජාප මන්ත්‍රීවරුන් රැසක් නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි.

මේ වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩල තනතුරු රැසක් පුරප්පාඩුව පවතින අතර වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සැලකිය යුතු බලයක් සජිත් ප්‍රේමදාස මහතා සතු වේ. ඒ අනුව ඔහුගේ බලය දුර්වල කිරීම සඳහා එජාප නායකයාට තමන්ට අවශ්‍ය පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර ගැනීමට අවස්ථාව හිමි වේ.

පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩල සාමාජිකයන් පත් කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළු උපදේශක මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදු කරන බව වාර්තා වුවද එම පත් කිරීම් සම්බන්ධයෙන් වැඩි බලයක් පක්ෂ නායකයා සතු වේ.

එජාපයත් පන්සල් යන්න සැරසෙයි

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම පසුගිය ජනාධිපතිවරණය වනවිට බරපතල ලෙස කඩා වැටී තිබෙන බැවින් නැවත සිංහල බෞද්ධ ජනතාව පක්ෂයට සමීප කර ගැනීම සඳහ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන් මහ මැතිවරණයේදී ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ, සිංහල බෞද්ධ නායකයන් ලෙස සැලකෙන පුද්ගලයන් පිරිසක් එජාප ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඇතැම් එජාප නායකයන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ දකුණේදී දැවැන්ත පසුබෑමක් අත් කරගෙන ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී උතුරේ බහුතර ඡන්ද නොවන්නට එජාපය ලක්ෂ 20 වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය වන්නට ඉඩ තිබූ බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මහ මැතිවරණයේදී එජාපයෙන්ද අලුත් මුහුණු රැසක් කරළියට පැමිණීම නියමිත අතර ඉනුදු වැඩි ප්‍රමාණයක් කැපී පෙනෙන සිංහල බෞද්ධ නායකයන්ට හිමිවීමට නියමිතය.


මේ අතර මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඉතා ඉක්මනින් පන්සල හා සමීප වීම කළ යුතු බවත් බෝධි පූජා වැනි ආගමික කටයුතු සංවිධානය කිරීම ආරම්භ කළ යුතු බවත් අවධාරණය වී තිබෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.