NSBM හොරුන්ගෙන් බේරා ගන්න ජනපති පත් කළ සභාපතිට; පාලක මණ්ඩලය විරුද්ධ වෙයි!

මේ පළවෙනි පින්තූරෙ ඉන්නෙ ආචාර්ය ප්රභාත් වීරසිංහ. මෙයාගෙ අධ්‍යාපන සුදුසුකම් විතරක් ගත්තොත් B.Sc., M.Sc Eng., PhD.Eng., Postdoc.R.Eng., කියන සුදුසුකම් තියන, University of Colombo, Nagayoka University of technology, University of Aizu, කියන ඉහළ පෙලේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්තු, NSK Global, Univery Of Colombo, University Of Aizu, Visiting lecturer at International university of japan, යන ඉහළ පෙලේ සමාගම් වල සේවය කරලා 2017 NSBM green University එකට එන්නෙ නිකන්ම නෙමෙයි ආචාර්ය උපාධි දෙකක් තියන එකම මහාචාර්යවරයා විදිහට.



ඒ ඇවිත් ඉගෙනුම් සම්ප්‍රදායෙන් ඔබ්බට ළමයින්ගෙ පැත්තෙන් හිතලා ළමයි වෙනුවෙන් දෙයක් දුන්නු මනුස්සකම තියන මනුස්සයෙක්. නාඩගම් වලින් විතරක් පිරුණු හරිත සරසරසවියෙ දැන් එක එක අහ හණ ගහන් ඉන්න Robotics Club පටන්ගත්තෙත් මෙන්න මෙයා ඇවිත්, NSBM එක අවුරුදු ගාණක ඉඳන් ගන්න හදපු UGC Computer Science උපාධිය රජයෙන් අනුමත් කරගත්තෙ වෙන කවුරුත් නෙමෙයි ඒත් මෙයා, ඒ අරගෙන මේ මනුස්සයා ලක්ෂ 10ට ළමයින්ට ඉගෙන ගන්න දෙමු කියද්දි ඒක ලක්ෂ 24ට දුන්නෙ ඔය 3 වෙනි පින්තූරෙ ඉන්න NSBM එකේ හිත් පිත් නැති Vice Chancellor E.A වීරසිංහ.

ළමයින්ට දරාගන්න බැරි තරම් රිපීට් ෆී වැඩි කරද්දි ළමයි වෙනුවෙන් පෙනී ඉඳියෙ උදව් කලේ මෙන්න මේ පළවෙනි පින්තූරෙ ඉන්න ආචාර්ය ප්රභාත් වීරසිංහ. ආපු දවසෙ ඉඳන්ම සර්ට තිබ්බ කැපිල්ල දන්නෙ එදා ඉඳන් ඉඳිය ළමයි. ඒ වෙන මොනවත් නිස⁣ෙ නෙමෙයි අසරණ ළමයින්ගෙ පැත්තෙ නිතරම හිට ගත්ත නිසා. ආචාර්ය ප්රභාත් වීරසිංහ එක්ක ළමයි එකතුයි එයාගෙ ළමයි එක්ක කියලා දැනගත්තම NSBM එකේ ලොකු උන්දලාට කාලා ඉන්න අමාරු වුනා. ඉට පස්සෙ කලේ ආචාර්ය ප්රභාත් වීරසිංහට වැඩිය අඩු සුදුසුකම් තියන කෙනෙත් යටතෙ වැඩකරන්න දාපු එක. Dr. Prabath කියන්නෙ එක එක බත් බැලයො යටතෙ වැඩ කරන්න ඕනි කෙනෙක් නෙමෙයි කියලා එදා ඉඳන්ම මම මටම හිතින් කිව්වා පස්සෙදි අයින් වෙලා යන්න ගියා.

අන්තිමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුදුස්සාට සුදුසු තැන දුන්නා ඒ Dr. Prabath Weerasinghe NSBM සභාපති ලෙස පත් කලා.ඒත් NSBM හොර නඩේ තාමත් ඒකට විරුද්ධයි උන්ගෙ දූෂණ වංචා එළිවෙයි කියලා බයේ. මොකද Hotel ගහන් එන එන නවීණ වාහන අරන් ආතල් දාන්නත් බැරි වෙන නිසා. මේක මේ රටේ තියන වටින පොදු දේපළක්. ඒ දේ රැකගන්න එක අපේ වගකීමක්.

[විශේෂ වාර්තාකරුවෙක් විසිණි]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.