Ad

කෘත්‍යාධිකාරිය හෙට: සජිත් පිළ අද තීරණාත්මක රැස්වීමක.

එජාප සජිත් පිළේ තීරණාත්මක රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

හෙට (06) දිනයේදී පැවැත්වෙන එජාප කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. සජිත් පිළේ කිහිප දෙනෙකුගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අහෝසි කිරීමට විරෝධය පළ කරමින් සජිත්වාදීන් බහුතරයක් පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළේය.

නව සන්ධානය ගොඩනැගීමට අදාල තීන්දු කිහිපයක් හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත අතර ලේකම් ධුරය පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණීමට ද නියමිතය. ගැටලුව වී ඇත්තේ සජිත් පිළ විසින් ඒ සඳහා නම්කළ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට තවමත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමි නොවීමයි.

නව සන්ධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය, සන්ධාන ලාංඡනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව හෙට දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත වේ.

[LNW]

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.