මහින්ද සහ චන්ද්‍රිකා නැවත එකතුවෙන ලකුණු?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක අතර සම්බන්ධය නැවත සකස් කිරීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. පසුගිය වකවානුවේ ඔවුන් දෙදෙනා අතර පැවති දේශපාලන සම්බන්ධය බොහෝ සේ පළුදු වූ අතර දෙදෙනා ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා කරගනු දැකිය හැකිවිය.
නමුත් මෑතකදී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ගොඩ නැගී ඇති සන්ධානයට චන්ද්‍රිකාට ආරාධනා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යම් යම් ඉඟි පළකර තිබේ.
මේ අනුව චන්ද්‍රිකා සහ මහින්ද අතර තිබූ අමනාපකම් ටිකින් ටික අඩු වෙමින් යන බව පැවසේ. පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිසකගේ අදහස වී ඇත්තේ තම සන්ධානයට හිටපු ජනාධිපතිවරියක් වන චන්ද්‍රිකාද එකතුවුවහොත් එය තවත් ශක්තිමත් වෙනු ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර පසුගිය අඟහරුවාදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ නව සන්ධානයට ඕනෑම වෙලාවක පැමිණීමේ හැකියාවක් ඇති බවයි. එසේම චන්ද්‍රිකා බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ගෙන්වා ගැනීමට ඇය සමඟ සාකච්ඡා කරන බවද ඔහු පැවසිය.

No comments: