Ad

ඩොලර් මිලියන 2ක් අල්ලස් ගත්ත : ශ්‍රී ලන්කන් ලොක්කා කවුද ?


මෙරටට ගුවන් යානා ගෙන්වීමේදී එයාර්බස් වර්ගයේ ගුවන්යානා වැඩිපුර ඇනවුම් කිරීම සඳහා එම සමාගාම මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිළධාරියෙකු සඳහා ඔහුගේ බිරිඳට ඩොලර් මිලියන දෙකක් මුදලක් බෘෘනායි ශෙල් ගැස් සමාගමක් හරහා අල්ලස් මුදල් ලබා දී ඇතැයි බ්‍ර්තාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව ලංකා තෘත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊට අනුව එයාර් බස් සමාගම ලොව විවිධ රටවල ගුවන් සමාගම් නිළධාරීන් ඇතුළු රටේ බලගතු පුද්ගලයන්ට අල්ලස් ලබා දෙමින් සිය ඇණවුම් වැඩිපුර ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ලද තොරතුරු මත බ්‍ර්තාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව එයාර් බස් සමාගමට සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත. 

 එහිදී අනාවරණය වී ඇති කරුණු මත තම ඇනවුම් වැඩි කර ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ට අල්ලස් ලබාදුන් බවට එයාර් බස් සමාගම පිළිගෙන තිබේ.

ඩොලර් බිලියන 3.6ක් වටිනා ගෝලීය බේරුම්කරණයේ කොටසක් ලෙස බ්‍රිතාන්‍ය බලධාරීන්ට ඩොලර් බිලියන 1ක් ගෙවීමට නියෝග කර ඇත. මෙය ලොව විශාලතම බේරුම්කරණය වේ.

එයාර් බස් සමාගම විසින් මේ ආකාරයට සිය බාහිර උපදේශකයින් යොදා ගනිමින් ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය සහ හවානා යන රටවලට සිය ඇනවුම් වැඩි කරගැනීම සඳහා අල්ලස් ලබා දී ඇති බව පිළිගෙන ඇත.

එයාර් ඒෂියා විධායකයින් දෙදෙනෙකු සතු ක්‍රීඩා කණ්ඩායමකට ඩොලර් මිලියන 50ක අනුග්‍රාහකත්වයක් අල්ලස් ලෙස ලබා දීම, ඉන්දුනීසියාවේ ජාතික ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට මිලියන 3.3ක් අල්ලස් වශයෙන් ගෙවීම, මිලිටරි ගුවන් යානා සඳහා ඇනවුම් සඳහා ගානා රජයෙන් ඇණවුමක් ලබා ගැනීම සඳහා මිලියන් ගණන්වලින් ගෙවීම් සිදු කිරීමත් ඒ අනූව අනාවරණය වී තිබේ.

මේ අතර  බෘෘනායි ෂෙල් සමාගමක් හරහා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳට ඩොලර් මිලියන 2ක් අල්ලස් වශයෙන් ගෙවීම මෙම විමර්ශකයින් විසින් අනාවරණය කරගෙන තිබෙන ප්‍රධාන අල්ලස් ගනුදෙනු වේ.

කෝප් නිර්දේශ මෙන්ම !
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම සඳහා 2013 හා 2014 වසරවලදී ඒ 350 – 900 එයාර් බස් 08ක් මිලදී ගනිමින් රුපියල් කෝටි 11,600ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 866) ගණනක මහා පරිමාණ පාඩුවක් කිරීමේ මහා මංකොල්ලයට වගකිව යුතු පුද්ගලයන් ස්වාධීන පුළුල් පරීක්ෂණකින් හඳුනාගෙන නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදෙන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2019 අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවට දන්වා සිටි අතර උක්ත එයාර් බස් සමාගමේ වංචාව සම්බන්ධයෙන් මෙරට බලධාරීන් විසින් කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතුව තිබේ.

බ්‍ර්තාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇති බෘෘනායි ෂෙල් සමාගමක් හරහා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳට ඩොලර් මිලියන 2ක් අල්ලස් වශයෙන් ගෙවීම මෙම සිද්ධයේ එම විධායක නිලධාරියා කවුරුන්ද යන්නත් ඔහුගේ මෙම වංචණික ක්‍රියාව හෙතුවෙන් රටට යම් මුදලක් අහිමිවී ඇත්නම් වහාම එම මුදලද ඔහුගෙන් අයකරගැනීමටත් වගකවියුතු ආණ්ඩුවක් ලෙස වත්මන් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇත.

ජනාධිපති නියෝගය 
මේ අතර අදාල චෝදනාව සම්බන්ධව වහාම විමර්ශනය කිරීමට ජනාධිපති දන්වා ඇති බවත් වාර්තා වෙයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.