Ad

මරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි මේක-දයාසිරි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටකත් විනාශ කළ නොහැකි බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පුත්තලම ආණමුඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සියලු දේශපාලන පක්ෂ පෙළ ගැසුණු බවයි.

වමේ දේශපාලන ව්‍යාපාර, සම සමාජ පක්ෂය , කොමියුනිස්ට් පක්ෂය හා දේශ විමුක්ති පෙරමුණ ඇතුළු දැවැන්ත පක්ෂ ගණනාවක් නිදහස් පක්ෂය පිටුපසින් පැමිණි බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අද වන විට එම තත්ත්වය ක්‍රමානුකූලව වෙනත් තැනකට තල්ලු වී ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඒ නිසාවෙන් වෙනම පක්ෂයක් ලෙස ගොඩනැඟුනේ නැත්නම් වෙනත් පක්ෂයක අතකොලුවක් වී නවතින බවත් කියා සිටියේය.

පක්ෂය මහලේකම්වරයා පක්ෂය ගොඩනැගීමට යන විට ඔහුට චෝදනා එල්ල කරන බවත්, පක්ෂයේ නායකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් පක්ෂය විනාශ කිරීමට උත්සහ දැරූ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එවැනි කරුණු මත “මරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි මේක“ යනුවෙන්ද  පැවසීය.

සමහර කාලවල දී උණ පඳුරක් මෙන් මහා හයියෙන් හුළං ගමන විට ඔලුව පහත් කර නැවත පැමිණිය හැකි බවත් අද වන විට නිදහස් පක්ෂයට උදා වී ඇත්තේ එවැනි තත්ත්වයක් බවත් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.