Ad

ජාතික විශ්ව විද්‍යාල පුද්ගලීකරණය සිදු කරන බවට පවසමින්,දේශීය සිසුන් විදේශීය විශ්ව විද්‍යාලවලට ඇද ගැනීමේ කුමන්ත්‍රණයක්..


ජාතික විශ්ව විද්‍යාල කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට තමන්ට හැගී යන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්යය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

විදේශීය විශ්ව විද්‍යාලයට ශ්‍රී ලාංකික දරැවන් ඇද ගැනීම සදහා විවිධ උපක්‍රම යොදන බවත්, කුමන හෝ පිරිසක් විසින් විවෘත විශ්ව විද්‍යාලය හා අනෙකුත් විශ්ව විද්‍යාල තුළ උද්ඝෝෂණ ව්‍යාපාර සිදු කොට  ජාතික විශ්ව විද්‍යාල පුද්ගලීකරණය සිදු කරන බවට පවසමින් දේශීය සිසුන් විද‌ේශිය විශ්ව විද්‍යාල පුද්ගලීකරණය සිදු කරන බවට පවසමින් දේශීය සිසුන් විදේශිය විශ්ව විද්‍යාල වලට ඇද ගැනීමේ කුමන්ත්‍රණයක් තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය හමුවක දී තව දුරටත් සදහන් කලේය.

විශ්ව විද්‍යාල වලට පැමිණෙන දරැවන් දිනපතා විවිධ උද්ගෝෂණ වලට යාම හේතුවෙන්  රජය‌ේ විශ්ව විද්‍යාල වලට දරැවන් යැවීමට දෙමාපියන්  අකමැත්තක් දක්වන සදහන් කල ඇමතිවරයා, ඒ හේතුවෙන් පෞස්ගලික විශ්ව විද්‍යාල හා විද‌ේශ විශ්ව විද්‍යාලවලට දරැවන් යැවීමට ඒම දෙමාපියන් පෙළඹී ඇති බව ද සදහන් කලේය.

මෙහිදී විවෘත විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කලේ මෙවැන්නකි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය 1980 වසරේ පිහිටවා ඇත්තේ රැකියාවන් හි නිරත වල පුද්ගලින් සදහා මුදල් ගෙවා උපාධියක් ලබා ගැනීමයි.

ලංකාවේ ඔනෑම පුරවැසියෙකුට මුදල් ගෙවා මෙහි ඔනෑම පාඨමාලාවක් හැදැරිය හැකි  යි. එහෙත් විවෘත  විශ්ව විද්‍යාලය පෞද්ගලීකරණයට කරන බවත්, එහි පාඨමාලා ගාස්තුව 700% කින් ඉහළ දමන බවත් බෝර‌ෝ ප්‍රචාරයන් හේතුවෙන් අද උදෑසන ඒම විශ්ව විද්‍යාලයට ගොස් බැලුවා.

මෙම ආයතනයෙන් වැඩි ප්‍රමාණයක් පාසල් ගුරැවරැන් පශ්චාත් උපාධිය ලබා ගන්නවා. මේ වසරේ මාර්තු 01 දා සිට නීති උපාධිය හැදෑරීමට බදවා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වුවද විවෘත විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැටුප්  ගෙවීම සදහා බිලියන 2 පමණ මසකට වැය වෙනවා.

මෙම වැටුප් පසුගිය රජය සමයේ ගෙවා ඇත්ත‌ේ ක‌ොටස් වශයෙන්. 2018 වසරේ දී ගෙවා ඇත්තේ, මිලියන 1400ක් පමණි. මිලියන 330 ක හිගයක් තිබුණා. මෙම බාගෙට ගෙවීම් ක්‍රමය ආරම්භ කළ‌ේ පසුගිය රජයයි. මෙම කාර්ය මණ්ඩල සදහා වැටුප් ගෙවීම රජය විසින් කළ යුතු දෙයක් යැයි පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.