Ad

ඔරැගලයාය රක්ෂිතය දැක්කම පරිසර ඇමතිගේ දැක්ම පැහැදිලියි - පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි.


සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුඵ කණ්ඩායමක් තඹුත්තේගම ඔරැගලයාය රක්ෂිතයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

රක්ෂිතයේ අක්කර 100ක් පමණ මේ වන විට එළි පෙහෙළි කර ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රක්ෂිතයේ සමස්ථ භූමි භාගයෙන් අඩක් පමණ මෙලෙස විනාශ කර ඇත්තේ නොටයක් පුද්ගලයින්ට ඉඩම් ලබා දීමට බවයි වාර්කාවන්නේ.

එමෙන්ම වන අලීන් ගැමි වැදීම නතර කිරීමටනම්  ජනාවාස වැඩි කළ යුතුය යන මතයේ පිහිටා බලධාරීන් කටයුතු කරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්න‌ේ.

ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි කර්තව්‍යයන් දසහා අවස්ථාව ලබා දීමෙන් වත්මන් පරිසර අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පරිසරය පිළිබද ඇති දැනුම හා ආකල්ප මනා ලෙස පැහැදිලි වන බවයි.

රක්ෂිතයක එක් ගසක් හෝ කපා දැමුවහොත් ඒම පුද්ගලයා බන්ධනාගාර ගත කළ හැකි නීතියක් තිබියදී මෙම රක්ෂිතයට එම නීතිය බල නොපාන බවයි උන්වහන්සේ සදහන් කරන්න‌ේ.

මේ වන විට රක්ෂිතය තුළ ගල් කොරි පවත්වාගෙන යන බවත්,නිදන් හෑරීම් සිදුවන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.