බස්වල යන්න සිහින දකින ඇමති..


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති පොදු සන්ධානය බිඳ වැටීමට කිසිවිටකත් ඉඩ නොතබන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, තමන්ගේ නාමය වාහන ගෙන්වු ලැයිස්තුවේ නොමැති බවයි.
 
නමුත් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙලෙස වැඩි ගණනට ගෙන්වු වාහන වෙන්දේසි කරන ලෙසට යෝජනාවක් ගෙනැවිත් තිබු බවත් පැවසු අමාත්‍යවරයා තමා එයට එකඟ බවත් පැවසීය.

එපමණක් නොව සියලු දෙනා ගෙන්වා ඇති වාහන සියල්ල වෙන්දේසි කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිය යුතු බවත් එම මුදල් පොදු ප්‍රවාහනය වෙනුවෙන් එක් කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

තමාගේ බලාපොරොත්තුව වන්නේ ද ඉතා කෙටි කාලයකින් දුම්රිය හා බස් රථ සේවය ශක්තිමත් කිරීම බවත් පැවසු අමාත්‍යවරයා, තමනුත් බස්වල ගමන් කරන්න හැකි දිනක් උදා වුවහොත් එවිට රට ඉදිරියට යනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ජනාධිපතිවරයා පිළිබඳ විශාල විශ්වාසයක් තබා ඇති බවත් ඒ අනුව ශ්‍රීලනිප ය පැත්තෙන් මෙම සන්ධානය කැඩීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාට උපරිම සහයෝගය ලබා දෙනු ලැබුවේ රටට හොඳ නායකයෙක් ලබා දීමට බවත් අමරවීර අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.