"යොවුන් ලෝක කුසලානය පැරදුනේ ක්‍රීඩකයින් මත්පැන් පානය කළ නිසා බවට යන පුවත අසත්‍යක්....


දකුණු අප්‍රිකාවේ පැවැති යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් මත්පැන් පානය කල බවට පළ වන පුවත සත්‍යයෙන් තොර බව කණ්ඩායම් කළමණාකරැ ෆර්විස් මහරැෆ් පවසයි.

ඒ සදහා තමන් අනුග්‍රහය ලබාදුන් බවට පළ වන වාර්තා ද අදත්‍ය බවයි ඔහු ප්‍රකාශ කරනවා. එහිදී " තරගාවලියක් පරාජය වෙලා ආපුවාම මේ වගේ මඩ පහරවල් වදිනවා. මට කියන්න තියෙන්නේ කළමණානරැ  වශයෙන් ඒහෙම සිදුවීමක් වුණෙත් නෑ සිද්ධ වෙන්න ගියෙත් නෑ. හැබැයි සැප්තැම්බර් මාසයේ ආසියානු කුසලාන තරගාවලියේදී ඔය වගේ සිදුවීමක් වුණා" වැඩිදුරටත් සදහන් කෙරැණා.

සිය ක්‍රීඩකයින් දැඩි විනයක් යටතේ යොවුන් ලෝක කුසලානයට එක්වූ බවද ෆර්වීස් මහරැෆ් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

විශ්වාසදායි ආරංචි මාර්ග විසින් සනාථ කර සිටින බව සදහන් කරමින් පසුගියදා මාධ්‍ය කිහිපයක මේ පිළිබද වාර්තා කර තිබුන අතර තවමත් මෙම සිදුවීම සම්බන්ධයනේ ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනය කර නැහැ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.