Ad

විහාරධිපති ස්වාමින් වහන්සේ ලිංගික අපයොජනය කළ මහව දරැවාගේ කතාව



"මට පහුගියදා එක්තරා මවක් ලිපියක් යොමු කර තිබුණා. මහණ කිරීම සදහා භාරදුන් දරැවාට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්දයෙන්. මම ඒ පිළිබදව සොයා බලන්න මහව ප්‍රදේශයට ගියා. ඇත්තටම බරපතල ඛේදවාචකයක් එහි සිදු වෙලා තිබුණේ. අවුරැදු 11ක් වයස තමන්ගේ දරැවව මහණ කිරීම සදහා ඇය විසින් මෙම ස්ථානයට භාරදී තිබුණා.

භාරදුන් දවසේ රාත්‍රියම පන්සලේ යම් තැනකට රැගෙන ගොස් ඒ දරැවව බරපතල ලිංගික අතවරයක්  සිදු කරලා තිබුණා එම විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින්. ගලයාය පුරාණ මහ විහාරයට තමා භාරදිලා තියෙන්නේ. එම ස්වාමින් වහන්සේ අත්අඩංගුවේ පසුවෙනවා" නීතිඥ උපුල් මහතා පවසයි.

තව දුරටත් අදහස් දක්වමින් එම මහතා  ප්‍රකාශ කලේ එම විහාරාධිපතිස්වාමින් වහන්සව මල්වතු මහා විහාර පාර්ශවයෙන් හා ශිෂ්‍යභාවයෙන් වසරේ දී ඉවත් කර ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් 2011 වසරේ එම ඉවත් කිරිම අනුමත කළ නමුත් එම ස්වාමින් වහන්සේ එම ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් ගේ ශක්තිය සහ මුදල් බලය භාවිත කරමින් දිගටම එම පන්සලේ රැදී සිටි බවයි.

"මේ සිද්ධියෙන් පස්සේ ඒ දරැවා බය වෙලා උදේ පාන්දර කිලෝමීටර් 2ක් පමණ දුරින් තිබුණු තමන්ගේ නිවසට ගොස් තිබෙනවා. ඒ ළමයගේ නිවස ඒ ප්‍රදේශයේම තිබුණ නිසා මෙම අපරාධය හෙළි වූවත් ඒ පන්සලේ සිටින 3-4- දරැවන් මාතර ගාල්ල වැනි  ඈත පළාත් වලින් ගෙනත් දැමූ දරවන්. වයස 11ක දරැවෙක් නිසා යම් පමණකට හරි දෙයක් තේරැණාට වයස 3ක 4ක දරැවන් කුමක් තේරැම් ගන්නද කුමක් කරන්නද? එතුමා පැවසීය.

දේශපාලන බලය භාවාත කර මෙම සිද්ධිය යට යැවීමට ඔවුන් සූදානමින් සිටින  බවත් නීතීඥවරැන් 10 දෙනෙක් පමණ දැනටත් ඊට මූලික වී ඇති බවත් , පොලීසියට දැඩි බලපෑම්  ඇති බවත් ප්‍රකාශ කළ නීතිඥවරයා දැනටමත් සාක්ෂි වසන් කරමින්  පවතින බව හෙළි කළේය. ආර්ථික හේතුන් වැනි  හේතුන් මකුඩා දරැවන් මෙලෙස මහණ කිරීම ඉතා විශාල අපරාධයක් බවත් මෙම සිද්ධිය වාර්තා වූ සහ මැදිහත් වීමට හැකිවු එක් සිද්ධියක් පමණක් බැවින් මේ සදහා වන නීතිමය ප්‍රතිසංස්කරණ වල විශාල අවශ්‍යතාවක් පවතින බව ප්‍රකාශ කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.