දේශපාලන වාසි වෙනුවෙන් ඇතැම් පිරිස් මුස්ලිම් ජනතාව බිය ගැන්වුවා - මුසම්මිල්


ජාතිවාදින් විසින් මුස්ලිම් ජනතාව ජනාධිපති ග‌ොඨාභය රාජපක්ෂ මහතාව ජාතිවාදියෙකු ලෙස පෙන්වීමට උත්සහ දරන බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල් මහතා පවසයි.

කුරැණෑගල දී ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

එහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇතැම්  පිරිස් විසින් මුස්ලිම් ජනතාව බිය ගැන්වූ බවයි.

එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.

"මේ අය දේශපාලන මුස්ලිම් නායකයෝ නෙවෙයි. මුස්ලිම් දේශපාලන වෙළෙන්දෝ. මම අවරැදු හතරහමාරක් නගරාධිපති ලෙස හිටියා.

මොනවද නැති සම්පත්? කිසිම දූෂණ වංචාවක් කොළඹ නගර සභාවේ අපි කළාද?

ග‌ෝඨාභය එක්ක ඒ සෙල්ලම් බෑ.... අපි කොළඹ අසියාවේ දියුණුම නගරයක් කළා. දැන් මට ඡන්දය ඉල්ලන්නලු. මම අවස්ථාවාදී දේශපාලකයෙක් නෙවෙයි. මම රටට ගැලපෙන දේශපාලනය කළා.

අද මේ රට පාලනය කරන විදිහට මේ ආණ්ඩුව තවත් වසර 10ක් සිටිනවා. තවත් අවරැදු 10ක් ගෝඨාභය ජනපති. මහින්ද අගමැති."

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.