එජාපයේ නව මන්ත්‍රීට තීරැ බදු රහිත මිලියන 12 වාහනයක්..


පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී නවක මන්ත්‍රීවරයෙකු ලෙස ඉකුත්දා දිවුරැම් දුන් සමන් රත්නප්‍රියට තීරැබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ  සමන්  රත්නප්‍රිය මන්ත්‍රී වරයාට වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය  සදහා අමාත්‍යංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි.

ඒ අනුව හිමිවන තීරැබදු රහික වාහන බලපත්‍රයේ වටිනාකම ඇමරිකානු ඩොලර්  65,000 ක් (රැපියල් එක් කොටි විසිලක්ෂයක්)වනවා.

සමන් රත්නප්‍රියඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිත්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත්කෙරැණේ  පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.

නවක මන්ත්‍රිවරයකු ලෙස කතානායක කරැ ජයසූරිය මහතා ඉදිරියේ මැතිසබයේදී ඉකුත් 5 වැනිදා දිවුරැම් දෙනු ලැබුවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වූ සමන් රත්නප්‍රිය ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කකටයුතු කළ සමාජ ක්‍රියාකාරි සංවිධාන කිහිපයක ප්‍රධානියා වනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.