Ad

ඇතුළෙ ඉදන් රන්ජන් ‌ගෝඨාට යැවූ පණිවුඩය (රාජ්‍ය රහස්)


මේ අප කියන්නට යන්නේ රන්ජන් ගැන අලුත් කතා දෙකකි. නැත්නම් ඇතුළේ සිටියද රන්ජන් හා සම්බන්ධ රූප දෙකක් පිළිබඳවය. එකක් ඡායාරූපයකි. 

එම ඡායාරූපය රන්ජන් ගත්තේ පසුගිය වතාවේ පාර්ලිමේන්තු පැමිණි විටය. ඒ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟය. පසුගිය ජනාධිපතිවරණ පරාජයත් සමඟ එජාපය ඇතුළේ වැඩියෙන්ම චෝදනා එල්ලවූයේ මංගලටත්, රන්ජන්ටත්ය. 

මංගලත්, රන්ජනුත් ජනාධිපතිවරණ සමයේදී බෞද්ධාගම සම්බන්ධයෙන් සිදුකරනු ලැබ තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශ එම පරාජයට විශාල වශයෙන් බලපෑ බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ. නමුත් රන්ජනුත්, මංගලත් ඒ කිසිවකට ප්‍රති උත්තර දීමට ගියේ නැත.
කෙසේ වෙතත් රන්ජන් ගත් මේ සෙල්ෆී ඡායාරූපයට මංගල පසුව මාතරදී කියා සිටියේ ඉතාමත් අපූරු කතාවකි. එහිදී මංගල කියා සිටියේ රන්ජන් දුරකතන සංවාද පටිගත කරමින් කළ ක්‍රියාව සම්බන්ධයෙන් බරපතළ විවේචනයක් ඇතත් ඒ හරහා මතු වූ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවකි. 

“ඇත්තටම දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නේ ඓතිහාසික කාර්යභාරයක්. මේ සමාජය අන්තයටම පිරිහිලා. මුළුමනින්ම කුණුවෙලා. එහි දුඟදේ තරම රන්ජන්ගේ පටිගත කළ දුරකතන එකතුව ආශ්‍රයෙන්වත් ලංකාවේ ජනයා තේරුම් ගැනීමට සමත් වෙතොත් දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නේ ඓතිහාසික කාර්යභාරයක් කියල වික්ටර් අයිවන් පවා කියල තිබුණ. ඒක ඇත්ත. පවතින සමාජ යථාර්ථය රන්ජන්ගේ හඬපටවලින් එළියට ආව. අප මේව සඟවන්න අවශ්‍ය නෑ. මේවට දේශපාලනඥයන් වශයෙන් අපිත් වගකිව යුතුයි” යන්න එහිදී මංගල කී කතාව විය. 

රන්ජන්ගේ දෙවැනි රූපය වන්නේ කාටූනයකි. ඒ කාටූනය රන්ජන් රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියදී අඳිනු ලැබූ එකක් වන අතර, ඉකුත් වතාවේ රන්ජන් පාර්ලිමේන්තුවට පැමිණි අතරවාරයේ තුන්වැනි පාර්ශ්වයක් හරහා එම කාටූනය එළියට ආවේය. එහිදී රන්ජන් ඇඳ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් උළෙල දා කළ කතාවකි.

 සිය පාලන කාලය තුළදී මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන් නැති කරන බවට ගෝඨාභය කළ කතාවට ප්‍රතිචාර දක්වමින් රන්ජන් ඇඳ තිබුණේ එසේ කළහොත් ජනාධිපතිවරයාට අපෙන් ඩබල් සැලියුට් හිමිවනවා යැයි කියාය. රන්ජන් එහි අස්සන් කර තිබුණේ ‘වන්ෂොට්’ යනුවෙනි. මේ පළවන්නේ රන්ජන් සිරගතව සිටියදී අඳින ලද එම කාටූනයය.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.