Ad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණ අක්‍රමිකතාවක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි..



පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ(18) රැස්විය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ ශ්‍රමිකයින් සඳහා රක්ෂණාවරණ ලබා දීම සඳහා විදේශ සමාගමක් සමඟ ගිවිසුම් ගත විමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවක් පිළිබඳ එහිදී අවධානය යොමුව තිබුණි.

කෝප් කමිටු සාමාජික මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මීට අදාල අක්‍රමිකතාවක් සිදුව ඇති බව ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, සම්පූර්ණයෙන් වැරදි පිළිතුරු ඔවුන් විසින් එවා ඇති බවයි.
කරන ලද පැමිණිල්ල ගැන කිසිදු සඳහනක් නොමැති බවත් පැවසු ඒ මහතා, එක් රක්ෂණයකින් ඩොලර් 100ක පාඩුවක් සිදු වෙන බවට පැමිණිලි කර ඇතැයි ද පැවසීය.

බවත් රක්ෂණය සඳහා ආයතන දෙකකින් ටෙන්ඩර් කැඳවු බවත් අධ්‍යක්ෂකවරයා විසින් තමන් කැමති ආයතනයට මෙය ලබා දී ඇතැයිද පැවසු මහින්දානන්ද මහතා, මෙය බිලියන ගණනාවක වංචාවක් බවත් කියා සිටියේය.

මෙම රක්ෂණාවරණය මඟින් විදේශ ශ්‍රමිකයින්ට නිසි ප්‍රතිලාභ ලැබී නොමැති බව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්තෙත්ති මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී ඒ මහතා පවසා සිටියේ, සමාගමට එක් සේවකයෙක් වෙනුවෙන් ඩිනාර් 26 ක් ලැබී ඇති බවයි.මෙම කාලසීමාව යටතේ හාම්පුත්තුන්ගෙන් මිලියන 531 ක් ලැබී ඇතැයි ද පැවසු ඒ මහතා ප්‍රතිලාභ ලෙස පරිපාලන ගාස්තු ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මිලියන 35 ක් හා රක්ෂණ සමාගමට එක් සේවකයෙකුට ඩිනාර් 2 ක බැගින් මිලියන 35 ක් හා ප්‍රතිරක්ෂණ ආයතනයට මිලියන 460 ක් හිමි වන බවයි.
 
නමුත් ප්‍රතිලාභීන්ට ලෙස සේවකයින්ට මිලියන 21 ක් පමණක් ලැබී ඇතැයි ද පැවසු හඳුන්නෙත්ති මහතා, විගණනකාධිකාරී පරීක්ෂණ අනුව ඩිනාර් 18 ක් ගෙවිය හැකි රක්ෂණ සමාගමක් තිබියදී මෙලෙස ඩිනාර් 30 ක් ගෙවා දැමිය හැකි රක්ෂණ සමාගමක් යොදවා ඇතැයි ද පැවසීය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කීර්ති මුතුකුමාරණ මහතා අදාල රක්ෂණාවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතර ඒ පිළිබඳ කෝප් කමිටු සාමාජික විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කරුණු දැක්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, මෙයින් වැටුපින් කිසිදු අඩු වීමක් නොවෙන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වු හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ මෙහි ප්‍රතිලාභ සියයට 4ක් පමණක් හිමිවෙන බවත් රක්ෂණය සාදා ඇත්තේ රක්ෂණ සමාගමට බවත් කියා සිටියේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.