Ad

ඉරාජ්ගේ "සංචාරක ඩිජටල් අලෙවිකරණය උපදේශක " තනතුර කොට උඩ



ශ්‍රි ලංකා සංචාරක ව්‍යාපාරයේ ඩිජිටල් අලෙවිකරණ උපද‌ේශක ලෙස ජනප්‍රිය කලාකරැවකු වන ඩරාජ් වීරරත්න මහතා පත් කිරීමට අදාළ ආයතනවල අනුමැතිය ලැබෙන තෙක් කැබිනට් මණ්ඩලය තවමත් තීරණය කර නොමැත.

ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්දන කාර්යංශය (SLTB),
ශ්‍රි ලංකා සම්මුති කාර්යාංශය (SLCB) සහ ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) යන සංචාරක හා සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණත්‍රංග පසුගිය මාසයේ කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියේය.

මෙම පත්වීම වහාම කියාත්මක වන පරිදි වසරක කාලයක් සදහා කිසිදු ගෙවිමකින් තොරව ලබා දී ඇත. පළමු වසරේ කාරයසාධනය මත පදනම්ව සේවා කාලය වසර 5ක්  දක්වා දීර්ඝ කිරීමට ද කැබිනට් පත්‍රිනාවේ සදහන්  වී ඇති බව වාර්තා වේ.

වීරරත්න මහතා පත් කිරීමෙන් පසු, වීරරත්නගේ මග පෙන්වීම යටතේ සුදුසු සහ තෝරාගත් ආයතන හරහා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට දහ අදාළ අධයක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු එවැනි ආයතන වලට ගෙවීම්  කිරීමට කැබිනට්  පත්‍රිකාව අකුමැතිය ඉල්ලා ඇත.

නැගී එන තරගකාරීත්වය හමුවේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ඵලදායී ලෙස ප්‍රවර්ධන කිරීම සදහා වීරරත්නගේ හැකියාවන් සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබද වසර 15කට වැඩි පළපුරැද්ද උපයෝගී කර ගත හැකි බව අමාත්‍යවරයා කියා සිටී.

වර්තමානයේ සංචාරක කර්මාන්ය ශ්‍රී ලංකා ආර්ථිකයේ තුන්වන විශාලතම විදේශ විනිමය ලබාදෙන්නා වේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.