Ad

වෙල්ගමගෙන් අලුත් පක්ෂයක්.. මහසෝනා වුනත් එකතු කරගන්නවා...



ආණ්ඩුවට එරෙහිව මහසෝනා සමග එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ තමන් විසින් නව පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන අවසන් බවයි.

එම නව පක්ෂය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්දයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෙමැති බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මන්තීවරයා සදහන් කලේ මේ වන විටත් පිළිගත් දේශපාලන පක්ෂ 5 කින් තමන්ට එම පක්ෂවල නායකත්වය සදහා ආරාධනා ලැබී ඇති බවයි.

තමන් නිර්මාණය නකිරීමට බලාපොරොත්තු වූ නව පක්සය ගොඩනැගීමට නොහැකිවුවහොත් ඉදිරියේ දී එම පක්ෂ අතරින් එක් පක්ෂයක නායකත්වය ගෙන ආණ්ඩු විරෝධි නිදහස් පාක්ෂිකයින් රැසක් ඉදිරියෙදී ආණ්ඩුවට විරැද්ධව මැතිවරණයට ඉදිරිපත්වන බවද ඔහු සදහන් කළා.

වර්තමානය වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයක් හෝ එක්සත් ජාතික පක්ෂයක් මෙරට තුල නොමැති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.