Ad

"බිරිදක් ලබාගෙන දරැවන් හදන්න" ට්විටර් පණිවිඩයට ආචාර්ය රෝහිත සමාව ඉල්ලයි..



සමාජ මාධ්‍ය හරහා තමන් විසින් සිදුකරන ලද අදහස් පළ කිරීමක් නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් අචාර්ය රෝහිත රාජපක්ෂ සියලු දෙනාගෙන් සමාව ඇයද සිටිනවා.

ට්විටර් පණිවිඩය නිකුත් කරමමින් රෝහිත රාජපක්ෂ නියා සිටියේ කිසියම් පුද්ගලයෙකුට හෝ ප්‍රජාවකට හිතාමතාම කරදරයක් කිරීමට තමාට කිසිදු අදහසක් නොවැත් බවයි. තමාව සහ සහෝදරයින්ව ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රකාශයට පිළිතුරැ සැපයීම පමණක්  තමා විසින් ඒය සිදුකළ බවයි. ඔහු වැඩිදුරටත එහි සදහන් කර ඇත්තේ..


සිය සහෝදරයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහය දක්වමින් රෝහිත රාජපක්ෂ  පලකර තිබූ ට්විටර් සටහනකට යම් පුද්ගලයෙකු විසින් මෙලෙස පිළිතුරැ ලබාදී තිබුණා..


"එකම අවුරැද්දක් තුල ඔබ ඇතුළු සහෝදරයින් තිදෙනා විවාහ වුණා. ඒ විවාහ උත්සව 09 පවත්වමින්. ඔබගේ ඥාතීන්ට රජයේ උසස් තනතුරැ ලැබී තිබෙනවා වගේම ඔබලා මහජන මුදලින් නඩත්තු වෙමින් අරලියගහ මන්දිරයට වී අවශ්‍ය ඔනෑම තැනකට රොකට් යවමින් සිටිනවා. මේ තමයි අපි ලබා ඇති දෙය" යනුවෙන්.

"මගේ පෞද්ගලික වත්කම් ප්‍රකාශ කර කිරීමට කිසිදු වගන්තියක සදහන් නැහැ. නමුත් මාව විශ්වාස කරන්න, අපගේ පුද්ගලික ප්‍රතිලාභ සදහා කිසිදු මහජන අරමුදලක් භාවිතා කරන්නේ නැහැ. ඔබට නිසි රැකියාවක් සහ අධ්‍යාපනයක් නොලැබෙන්නේ ඇයි? එවිට ඔබ වෙනත් පුද්ගලයෙකුගේ සාර්ථකත්වය ඊර්ෂ්‍යා නොකරනු ඇත. බිරිදක් අරගෙන දරැවන් ඇති කරගන්න." යැයි එම ට්විටර් පණිවුඩය ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ පවසා සිටියා.

රෝහිත රාජපක්ෂගේ එම ප්‍රතිචාරයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ලව  වීමත් සමග ඔහු තමන් සිදුකළ දේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.