Ad

බඩු මිල වැඩියි: ආණ්ඩුව නිවට ‌වෙලා: ජනතාව ‌කෝපයෙන්: වාසුගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්



බඩු මිල අඩු ‌නොවීම පුදුමයට කාරණයක් බවත්, ව්‍යාපාරික ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී ඇතිදැයි ජනතාව ප්‍රශ්න කරන බවත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මේ තත්ත්වය අනුව ජනතාව ‌කෝප‌ෙයෙන් සිටින බවත්, තමන්ද සිටින්නේ ජනතාවගේ පැත්තේ බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

එමනිසා ‌වෙළෙදපොළ වල් බූරු නිදහසට ඉඩ දී තවත් බලා සිටිය ‌නොහැකි බවද, මහාපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප ‌දෙනකු එක්වී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල කෘත්‍රිමව පාලනය කරන බවද අමාත්‍යවරයා ‌පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ‌මෙම අදහස් පළ කර සිටියේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.