Ad

ලොකු ළූණුවලට රුපියල් 80ක අවම සහතික මිලක්...



ලොකු ළූණූ සඳහා දැනට පවතින මිල වෙනුවට රුපියල් 80 ක අවම සහතික මිලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

අද(28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ දැනට පවතින රුපියල් 60ක් වු අවම  සහතික මිල ඒ අනුව රුපියල් 20කින් ඉහළ දමා ඇති බවයි.

ඒ තුළින් ලොකු ළූණු ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට රජය බලාපොරොත්තු වෙයි. ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙමින් වගාව සඳහා ඔවුන් දිරිමත් කිරීම සඳහා මෙම තීරණය ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මඟින් විශේෂ වැඩසටහනක් ලෙස මෙය දියත් කිරීමට අගමැතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.