Ad

ඉන්දියාවෙන් මුඛ ආවරණ ගේන්න තරම් කලබල විය යුතු නැහැ.


මුඛ ආවරණ ඉන්දියාවෙන් හෝ ගෙන්වන්න කියා සමහරු කීවත් ඒ තරම් අප කලබල විය යුතු නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (30 වැනිදා) මොරටුවේදී ප්‍රකාශ කළේ ය. 

මොරටුව බෞද්ධ මන්දිර බෝ සමිඳු අබියස අභිනවයෙන් ඉදි වූ 25 රියන් චෛත්‍යරාජයාණන්ගේ කොත් වහන්සේ නිරාවරණය සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදී අගමැතිවරයා එසේ කීවේය. 

අගමැතිවරයා එහිදී මෙසේ ද කීය. 

ඒ වාගේම මා සතුටු වෙනවා අද දින මෙහි රැස්ව සිටින කිසිවකු මුඛ ආවරණ පැලඳගෙන නොසිටීම ගැන. මම පෙරේදා (29 වැනිදා) දිනයේ ගියා මගේ අමාත්‍යාංශයට. එහිදී තරුණයෝ හතර දෙනෙකු මුඛ ආවරණ පැලඳගෙන සිටියා. මට තේරුණේ නැහැ ඔවුන් එය විලාසිතාවකට පැලඳගෙන සිටිනවද කියලා. අනෙක් කිසිවකු මුඛ ආවරණ පැලඳගෙන නැහැ. නමුත් මෙම හතර දෙනා පමණක් මුඛ ආවරණ පැලඳගෙන සිටියා. 

මේ දිනවල සමහර අය ඉල්ලීම් කරනවා ඉන්දියාවෙන් හෝ මෙම මුඛ ආවරණ ආණ්ඩුවෙන් හෝ ගෙන්වන්න කියලා. අප කලබල විය යුතු නැහැ. මේ ගැන කිසිම අයුරකින් කලබල වන්නේ නැතිව අප රටේ මෙම වෛරසය වැළැක්වීම සඳහා රජයක් වශයෙන් ගත යුතු සියලු පියවරයන් අප අරගෙන තිබෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි.

තවම අපට එක රෝගියෙක් පමණයි හමු වී තිබෙන්නේ. එම වෛරසය තිබෙන වෙනත් කවුරුවත් හමු වී නැහැ. ඒ නිසා මා නැවත කියනවා අප කලබල විය යුතු තත්ත්වයක් නොවේ. නමුත් අප සමාජයක් ලෙස පිරිසිදුව කටයුතු කිරීම වැදගත් වෙනවා. 

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.