Ad

ගුරුවරුන්ගෙන් 94% කට මානසික ආතතිය.


පාසල් ගුරුවරුන් අතරින් සියයට 94 ක ප්‍රමාණයක් මානසික ආතතියෙන් පෙලෙන බව ඇමරිකාවේ කරන ලද සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙනවා. 

මෙම සමීක්‍ෂණය කරනු ලැබ ඇත්තේ එහි මිසූරි විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ කණ්ඩායමක් විසින්. ඔවුන් පවසන්නේ ගුරුවරුන්ගේ මෙම තත්ත්වය පෙරලා සිසුන්ගේ සාර්ථකත්වයටද සෘණාත්මක ලෙස බලපාන බැවින් මෙය වහා අවධානය යොමු කළ යුතු කාරණයක් බවයි.

ගුරු වෘත්තීය දැඩි පීඩනයක් ඇති කරන වෘත්තියක් බැවින් එහි දී ගුරුවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම අතිශය තීරණාත්මක කාරණයක් බව ද, සිසුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට පමණක් නොව ඔවුන්ගේ චර්යාවන් සම්බන්ධ කාරණාවලට ද මෙම තත්ත්වය බලපෑමක් එල්ල කළ හැකි බව ද මෙම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙනවා. 

කෙසේ නමුත් තමුන් මුහුණ දෙන මානසික ආතතීන් විසඳා ගැනීම සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් උපකාරයක් නොලැබෙන බව ද මෙම සමීක්‍ෂණයේ දී අනාවරණය වී තිබෙනවා.

එම නිසා මේ පිළිබඳව අවධානයක් යොමු කිරීමට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිපත්ති සැලසුම් කරන බලධාරීන් ට දැඩි වගකීමක් ඇති බැව් මෙම සමීක්‍ෂණ කණ්ඩායමේ ප්‍රධානීහු පෙන්වා දෙනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.