Ad

ඉන්දියාවෙන් ලංකාවට රුපියල් කෝටි 200 ක්


නරේන්ද්‍ර මෝදි අගමැති ධුරය හොබවන ඉන්දියවේ භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩු බලය හොබවබන රජය විසින් ඊයේ ඉදිරිපත් කළ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 200 ක් වෙන් කර තිබෙනවා.

බංග්ලාදේශය සඳහාද ඊට සමාන මුදලක් වෙන් කර ඇති අතර, අප්‍රිකානු රටවල් සඳහා වෙන් කර ඇති මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 350ක්.

දකුණු ආසියානු රටවල් අතුරින් වැඩිම මුදලක් ඉන්දීය රුපියල් 800 ක් නේපාලයට වෙන් කර ඇති නමුදු එය පසුගිය වසරට වඩා කෝටි 400 ක අඩුවීමක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාරය වෙත ඉන්දීය අයවැයෙන් වෙන් කළ මුදල කෝටි 170 සිට 300 දක්වා ඉහළ නැංවීමද විශේෂත්වයක්. එමෙන්ම පාකිස්ථානය මගහැර ඇෆ්ගනිස්ථානය වෙත සම්බන්ධවීමට ඉන්දියාවට ඉඩ සළසන ගිණිකොන දිග ඉරානයේ ජබහාර් වරාය ව්‍යාපෘතිය සඳහාද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු ඉන්දිය අයවැයෙන් රුපියල් කෝටි 100 ක් වෙන් කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී ගෝපාල් බාග්ලේ පත් කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.