Ad

රට අනාගතය වෙනුවෙන් උපරීමයෙන් කැපවෙනවා: අලගියවන්න ජනපතිට කියයි.

රාජ්‍ය සේවය යනු ජනතාවගේ සේවය සඳහා ඇති සේවාවක් මිස රැකියා අවස්ථා උත්පාදනය කරන ස්ථානයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

වැටුප් වැඩි කිරීම්, වැටුප් විශමතා පිළිබඳ උද්ගෝෂණ , විරෝධතා මේ දින වල වැඩි වශයෙන් සිදු වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පවත්වනු ලබන ජාතික සම්මාන ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ උද්ගෝෂකයින්ගේ එම ඉල්ලීම් ඉටු කළ හැක්කේ රාජ්‍ය ආදායම වැඩි වුවහොත් පමනක් බවයි.

වර්ථමානයේදී තමන්ට සිදුව ඇත්තේ ප්‍රතිපත්ති සකස් කිරීමට වඩා උද්ගෝෂණ පිළිබඳ සෙවීමට බවත්, අමාත්‍යංශ ලේකම්වරුන් තමන්ගේ අමාත්‍යංශයේ විරෝධතා, උද්ගෝෂණ පිළිබඳ වගකීම ගත යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා. 

නැතහොත් සිදුවන්නේ තමන්ගේ කාලය වැඩි වශයෙන් ඒ සඳහා යෙදවීමට බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනතාවගේ සේවය සඳහා අවංකව සේවය කරන්නැයි එහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

එහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා කියා සිටියේ නිදහසින් පසු රටක් ලෙස අප බොහෝ දේ ලඟා කරගෙන තිබුණද තවමත් ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් බවයි.

ශ්‍රී ලංකාව රටක් ලෙස ලබා ගෙන ඇති දියුණුව පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ඉදිරි දශකය තීරණාත්මක දශකයක් බවට පත්ව ඇති බවත් සියළු භේද පසෙකලා තමන්ට පැවරෙන වගකීම ඉටු කිරීමට සියල්ලන්ම කටයුතු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ වගකීම් මොනවාද යන්න පිළිබඳවද ඒ මහතා මෙහිදී සඳහන් කළා.

අවශ්‍ය නීති සම්පාදනය, රජයේ ආධායම් රැස් කිරීම, වියදම් අනුමත කිරීම ඇතුළු මුදල් පාලනය, මූල්‍ය හා අනෙකුත් නීති රීති මෙන්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම, යනු එම වගකීම් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

නීති සෑදීම පාර්ලිමේන්තු සභා ගර්භයේදී සිදු කරනු ලබන බවත්, අයවැය සෑම වසරකම මාසයක් පුරා පාර්ලිමේන්තුවේ රැස්වී සිදු කරන බවත්, මූල්‍ය පිළිබද පරික්ෂා කිරීම සිදු කරන්නේ කරක සභා 3ක් යටතේ බවත් ඒ මහතා එහිදී සඳහන් කර සිටියා.

ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මුදල් පිළිබඳ කාරක සභාව එම කාරක සභා වනවා.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.