Ad

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට: හඬපට අපිටත් ඕනෑ - හිරුණිකා ඉල්ලයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ඔහුගේ දුරකතන සංවාද හඬපට අද (05) දිනයේදී පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.

මීට පෙර ද අදාල හඬපට පාර්ලිමේන්තුව වෙත ලබාදුන් බව වාර්තා වුවද පාර්ලිමේන්තු බලධාරීන් ප්‍රකාශ කළේ හඬපට කිසිවක් ලබා දී නොමැති බවයි. පාර්ලිමේන්තුවට ලබාදුන් හඬපට ඇතුළත් දෘඪ තැටි පළුදු වී ඇති බව ද ඒ අතර වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් සඳහන් කළේ අදාල හඬපට තමන් ඉල්ලා සිටියද ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි. හඬපට ලබාදීම සඳහා පක්ෂ නායකයන්ගේ අනුමැතිය ඉල්ලා සිටින බව ද පැවසූ මන්ත්‍රීවරිය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම ගැටලුව සඳහා මැදිහත් වන ලෙසයි.

රන්ජන් රාමනායක මහතා සභාගත කළ හඬපට මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ප්‍රේමචන්ද්‍ර මහත්මිය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කතානායකවරයා ඊට පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ ඉදිරියේදී එම හඬපට මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි. ඒවා අද දිනයේදීම ලබාදිය නොහැකි බවත් ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.