Ad

ක්‍රීඩාව ගොඩගන්න නොදෙන අමාත්‍යාංශයේ බහිරවයෝ මෙන්න: විශේෂ හෙළිදරව්ව.


ක්‍රිඩා අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා වන්නේ කේ.ඩී.එස්. රුවන්චන්ද්‍රය. ඔහු මෙයට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි. ඔහුගේ කාල සීමාව තුල ඒම දෙපාර්තමේනතුව තුළ  සිදු  වූ අක්‍රමිකතාවන් රැසක් වන අතර පසුගිය පාලන කාලයේ අග භාගයේ දී ඒවා පිළිබද පරීක්ෂන ආරම්භ විනි. ඉන් එක් අක්‍රමිකතායවයක් වන්නේ එහි  අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරු කාලයේ දී ඔහුගේ  නියමය පරිදි මිලට ගෙන  ඇති බර ඉසිලීමේ තරග විනිශ්චය කිරීමේ ඉලෙකට්‍රෙනික කට්ටල දෙකයි. ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ජාතික පුහුණුකරැ වන්නේ එම  දෙපාර්තමේන්තුවේම  සහකාර අධ්‍යක්ෂ ධුරයක් දරන වික්‍රමසිංහය. ඒවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේනම් ඒම ඉල්ලීම ඔහු විසින් ඉදිරිපත් විය යුතුය. ඒහෙත් දැන ගන්නට ලැබී   ඇති ආකාරයට ඔහු වෙතින් ඒවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවී නිබිය දී රැවන්චද්‍රයන්ගේ තනි මතයට  මෙම භාන්ඩ ඇන්වුම් කර ලබාගෙන තිබේ. එක් කට්ටලයක වටිනාක්ම රුපියල් මිලිවන 13කි.  ඒහි  ඇත්තේ ලෙනොවෝ වර්ගයේ ලැප් ටොප් පහක් ,මවුස් පහක්, ජාලගත කිරීමේ ස්විචයක්, සහ ඒයට අදාල කේබල් පහක් පමනිකි. වටිනාකම රුපියල් දශ ලක්ෂ දහතුනක් හෙවත් පියල් ලක්ෂ ඒකසිය තිහකි. මින් එක්  කට්ටලයක් අද වන විටත් එක් අවස්ථාවක් හෝ ප්‍රයෝජනයට නොගෙන වික්‍රමසිංහගේ කාමරයක් තුල සගවාගෙන සිටියි. රැවන්චන්ද්‍රගේ පුරෝහිත වන වික්‍රමසිංහ සිය ගුරා ආරක්ෂා කිරිම සදහා මෙම කට්ටලිය සිය පණ  සේ ආරක්ෂා කර ගනිමින්  සිටියි. දූෂනයට තිත  තබන්නට පැමිණි ගෝඨාභය ආණ්ඩුව අමාත්‍යාංශ ලේකම්  ධුර ලබා දි ඇත්තේ අපූරු  පුද්ගලයින්ට  බව මැනවින් පසක් වෙයි.

අධ්‍යක්ෂ ජනරාල් වර්යාව සිටි කාලයේ දී සිදු කල වැරදි හෙලි විම වලක්වා ගැනීම සදහා රුවන්චන්ද්‍ර අනුගමනය කරන්නේ අපූරු  උපාය මාර්ගයකි. ඒ ඩල්ස් අමාත්‍යවරයා ඉදිරියට දමමින් මේ දූෂණ පිලිබදව දන්නා සියලුම  නිළධාරීන් සිය අමාත්‍යාංශයෙන් එලවා දැමීමයි. මෙයට ආසන්නම උදාහරණය වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකමවරයක්‍ වන කේ.පී. සිරිබද්ධන මහතා රුවන්චන්ද්‍රගේ අත්සනින් නික්‍රත් කල ලිපියක් මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ස්ථාන මාරැ කිරීමයි. ඔහු  ඒම අමාත්‍යාංශයේ රාජකාරී භාර ගැනීමට ගිය විට රාජ්‍ය පරිපාල ලේකම්වරයා දන්වා ඇත්තේ මෙම නිළධාරීන් මාරු  කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසමට පැවරී ඇති හෙයින් මෙම සථාන මාරැ කිරීම නීතියට අනුකූල නොවන බවයි. මේ නිසා දැන් ආපසු සිරිබද්ධන අතිරේක ලේකම්වරයා ඒම අමාත්‍යාංශයේම සේවය කරයි. දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය යටතේ රාජ්‍ය නිළධාරීන් පත් කිරීමේ සහ  මාරු  කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසම වෙත පවරා දී තිබිය දී ඒවැනි ස්ථාන මාරු  කිරීමක් සිදු කිරීම මගින් ලේකම්වරයා සිදු කර ඇත්තේ ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංගනය කිරීමකි. මෙය ආයතන සංග්‍රහය යටතේ බරපතල විනයානුකූල දඩුවමකට යටත්විය  හැකි වරදකි. මෙතරම් හදිසියකින් සිරිබද්ධන මහතා මාරු  කිරිමට උත්සාහ දැරීම පිටුපස තවත් අපූරු  හස්තයක් පවතින බව වාර්තා වේ. 

ක්‍රීඩා  අමාත්‍යාංශය යටතේ ඇති ඒක් සුදු අලියකු වන්නේ ක්‍රීඩා කෞතුකාගාරය නම්  ආයතනයයි. මහිනදානන්ද අමාත්‍යවරයාගේ කාලයේ දී අරම්බ වන මෙහි සභාපතිවරයා වන්නේ සමන් අමරසිංහය. රුවන්චන්ද්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාලයේම ආරම්භ වූ මෙම ආයතනය ගොඩ නැගීම සදහා මේ වනවිට වැය  කර ඇති මුදල රුපියල්  මිලියන 500කට ආසන්න බව වාර්තා වේ. ඒහෙත් මේ වන විටත් මෙහි එකම කෞතුක භාණ්ඩයක්වක්  නැති අතර ඒකදු අයකු හෝ මෙය නැරඹීමට පැමිණ නැත. අවුරැදු පහක් පුරා සමන් අමරසිංහ මෙහි සභාපතිවරයා ලෙසින් කටයුතු කරන අතර ඔහුගේ රැපියල් ලක්ෂයක් වන මාසික වැටුප ගෙවන්නේ  ක්‍රිඩකයන්ගේ සුභසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති ක්‍රීඩා අරමුදලෙනි. ඒ පමනක් නොව මෙම සමන් අමරසිංහ සත්‍රී විෂයෙහි ලොල් වූවෙකි. පසුගිය කාලය පුරාම ඒහු සම්බන්ධයෙන් වාර්තා වූ ඒවැනි අපචාර ක්‍රීයා විශාල ගණනකි. හරීන් අමාත්‍යවරයාගේ පාලන කාලයේ අවසාන කාලයේ ද තමන්ගේ කාර්යාල කාමරය පිරිසිදු කිරීමට පැමිනි කම්කරු ස්ත්‍රියකට ලිංගික හිරිහැර කිරිමට අදාලට අමාත්‍යාංශ ලේකම්වරයාට ඉදිරිපත් වූ පැමිණිල්ල ගැන විභාග කලේ ද අතිරේක ලේකම් සිරිබද්ධන මහතා වන අතර හිටපු ලේකම්  චූලානන්ද පෙරේරා මහතා කියා තිබුනේ සමන් අමරසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. ඒහෙත් සමන් අමරසිංහගේ වාසනාවට සහ ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයින්ගේ අවාසනාවට චූලානන්ද පෙරේරා ඉවත්ව ගොස් රුවන්චන්ද්‍ර  ලේකම් වරයාව පැමිණි අතර පැරණි මිත්‍රදම් අලුත් වී දෙදෙනා ඒකිනෙකා  රැක ගනිමින් කටයුතු කරමින්  සිටියි. 

මේ දෙදෙනා අතර ඇති අයියා මල්ලී සම්බන්ධය කොතෙක්ද කියනවානම් නව රජය බලයට පත්  වීමෙන් පසු සියලු සංස්ථා , මණඩල වැනි ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂවරුනට ඉල්ලා අස්වන දන්වා තිබිණි. මේ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන සියලු අර්ධ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් ඉල්ලා අස් වූ අතර පසුගිය දා අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක දී සියලු  සභාපතිවරුන් ඉල්ලා අස්ව ඇති බව සටහන් කරන ලදී. ඒහෙත් ජනාධිපතිවරයා විසින් ඒවන ලද එම  චක්‍රලේඛයද නොසලකමින් අද වන විටත් සමන්  අමරසිංහ කේතුකාගාරයේ සභාපති ධුරයේ රැදී සිටියි. මිතුරුකමේ බලය ඒ තරම්ම දැඩි වන අතර සිය ස්ත්‍රී ධූර්ථක මිතුරාගේ සභාපති ධුරය රැක දිම වෙනුවෙන් රු යලිත් රාජ්‍ය ප්‍රතපත්තියක් අතික්‍රමණය කරමින් සිටියි. මේ තත්වය ඩලස් අමාත්‍යවරයා දන්නවාද එය අනුමත කරනවාද යන්න පිලිබද අපි නොදනිමු. 

සමන් අමරසිංහ ක්‍රීඩා කෞතුකාගාරය විවෘත නොකරන්නනේ ඇයි ? ඇත්තටම වසර ගණනනට පෙර ඒය විවෘත කර පිරිතක් ද කියා ඒහි පදිංචියට යාම වසර ගණනකට පෙර සිදු විය. ඒහෙත් එම ආයතනය පිහිට  වු අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇත්තේ මෙම ආයතනය විවෘත කළ විගස  නිත්‍ය කාර්ය මණ්ඩලයක් පත් කර සභාපති ධුරය අවසන් විය යුතු බවයි. මේ නිසා මෙම ආයනය විවෘත කලායැයි ප්‍රසිද්ධ වූ විගස සමන් අමරසිංහ  ගෙදර යා යුතුය. මේ තත්වය හොදින් දැන සිටි අතිරේක ලේකම් සිරිබද්ධන ඉතා කඩිනමින් මේම ආයතනයේ කාර්ය මණ්ඩලය අනුමත කර ගැනීමට චූලානන්ද කේම්වරයාගේ කාලයේ උත්සාහ දැරීය.  මේ සිල්ලලේම අවසාන ප්‍රතිඵලය වූයේ රුවන්චන්ද්‍ර සමග ඒක්ව සිරිබද්ධන මහතා පන්නා දැමීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමයි. මෙය ගෝඨාභය රාජපක්ෂ පාලනයෙන් අප අපේක්ෂා  තත්වයක් නොවේ. 

නාමික කෞතුකාගාරයේ සභාපති  ධුරය දරන සමන් අමරසිංහ රුවන්චන්ද්‍ර ලේකමවරයා සමග එක්ව මේ දිනවල ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ද සංවිධානය කරමිනි සිටියි. මෙතෙක් ඒ මෙයට පෙර එය  වසර දෙකකට වරක් පැවැත්වූ අතර අවසන් සම්මාන ප්‍රදානය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැත්වු අතර එහි සමස්ත වියදම රැපියල් මිලියන 30ක් පමණ විය. මේ වියදම් දරන්නේ ක්‍රීඩකයින්ගේ සුභසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති ක්‍රීඩා අරමුදලිනි. නැවත මාස තුනකට  අඩු  කාලයක් තුළ රටේ මූල්‍ය අර්බුදයක් ඇති අවස්ථාවක නැවත ජනාධිපති සම්මාන උත්සවයක් සංවිධානය කිරීමට සත්‍රී ධූර්ථක සමන් අමරසිංහ සහ රුවන්චන්ද්‍ර උත්සාහ දරන්නනේ නව  රජය යටතේ සහ සිය තනතුරැ රැක ගැනීමට ද? එසේත් නැතිනම් එක්සත් ජාතික පක්ෂයේ හිතවතකු ලෙසින් හංවඩු  ගැසීම නිසා මෙවර සිය ලේකම් ධුරයක් අහිමි වීමට ගොස් අනූ නවයෙන් ඒය බේරා ගත් එහෙත් දැන්  පිස්සු කෙලින රුවන්චන්ද්‍රට ඉදිරි මැතිවරණයෙන් පසු පිහිටුවා ගන්නා නව රජයේත් ලේකම් ධුරයක් ලබා ගැනීමට ද?

කෙසේ වුවත් අපට කීම්ට ඇත්තේ මෙපමණකි.  සමන් අමරසිංහලා , රුවන්චන්ද්‍රලා සිටින් තාක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දෙවි පිහිටය : බුදු සරණය.....

[විශේෂ වාර්තාකරුවෙක් විසිණි.]

2 comments:

darmapalasilva@gmail.com said...

අද වෙනකොට අතිරේක ලේකම් සිරිබද්දන මහතා අමාත්‍යාංශයෙන් ස්ථාන මාරු වෙලා ගිහින්.රුවන්චන්ද්‍ර ගේ අක්‍රමිකතා ගැන අභ්‍යන්තර විගණනයක් කරපු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණනය නිලධාරී සොනාලි මහත්මියටත් රුවන්චන්දෘ ස්ථාන මාරුවක් අරගෙන යන්න කියලා.ඒ වගේම මේ ගැන තොරතුරු දන්න ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරි වසන්ත වන්නිනායක ට දැන් පල නොකියා පලා බෙදනවා. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ දූෂණයෙන් තොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මේ වගේ අය එක්ක ද ? ඩලස් ඇමතිතුමනි පිටරට සංචාරවලදී ඉතිරි වූ ඩොලර් 100 ත් ආපහු බඳින ඔබතුමා මේ ගැන දන්නේ නැද්ද?? අපේ රටට බුදු සරණයි!දෙවි පිහිටයි!

Anonymous said...

රුවන්චන්ද්‍ර ක්‍රීඩා දෙපාර්තමේන්තුවට අයිති ක්‍රීඩාංගන ටික ඔක්කොම සුගතදාසෙට දෙන්න යනවා.ඇයි එහෙම දෙන්නෙ ඒ පිටිපස්සෙ තියෙන අසීමිත ආදායම නිසා ද ? දැන් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ පුහුණු කරුවන්ට තමන්ගේ ක්‍රීඩාංගන වලට ඇතුළු වෙන්න ගාස්තුවක් ගෙවන්න වෙලා. මේ ඔක්කොම කරන්නේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ සිටින කිසිදු වැඩක් නොකරන රූමත් වෛද්‍යවරියක් සතුටු කිරීමට ද ? ගෝඨාභය ජනාධිපතිතුමනි මේ ගැන සොයා බලන්න .

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.