Ad

දුමින්දට නෑ: සිරකරුවෝ 679කට ජනපති සමාව.

ඊයේට යෙදුන 72 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 679කට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දී තිබේ.

කෙසේවෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මිනිමැරුම්, ස්තී‍්‍ර  දූෂණ, ළමා අපචාර මෙන්ම ප‍්‍රබල ගණයේ අපරාධ සදහා සිරගත කිසිදු පුද්ගලයෙකුට මෙමගින් නිදහස හිමි නොවන බවයි.

මෙලෙස නිදහස ලබා ගත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඊයේ යොමු කර තිබේ.

ඒ අනුව එම ලේඛණය ජනාධිපති කාර්යාලය වෙත යොමු කෙරුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නාමලේඛණයට අනුමැතිය ලබාදුන් පසුව ඊයේ දිනයේ මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.