NSBM හරිත සරසවියේ බැංකු ගිණුමෙන් කෝටි 13ක් ඇදලා.

NSBM හරිත සරසවියේ බැංකු ගිණුමේ රුපියල් මිලියන 130ක මුදලක් වංචනික ‌ලෙස ලබාගත් ‌කොරියන් ජාතිකයන් ‌දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙක් අපරාධ පරීක්ෂණ ‌දෙපාර්තතමේන්තුව විසින් අද අත්අඩංගුවට ‌ගෙන තිබේ.

සූර්ය පැනල පද්ධති ව්‍යාපෘතියක් ‌මෙරට පවත්වාගෙන යන ආකාරයට සමාගමක් ලියාපදිංචි ‌කොට ඒම සමාගමේ ගිණුමට සරසවියේ මුදල් බැරකරමින් ‌මෙම මහා පරිමාණ වංචාව සිදුකර තිබේ.

ඒම සමාගමේ අධ්‍යක්ෂවරු සිව්දෙනෙක් සිටින අතර ‌කොරියන් ජාතිකයන් ‌දෙදෙනා ද අධ්‍යක්ෂවරුන් ය. ‌සෙසු තිදෙනා ‌මෙරට වැසියන් ය.

හරිත සරසවියේ ගණකාධිකාරිවරයාගේ ‌ඊ‌ෙමේල් ලිපිනය හැක් කර (අනවසරයෙන් ඇතුළු වී) ඔහුගේ ඊ‌මේල් ලිපිනයෙන් බැංකුවට ස්ථාවරය නියෝග නිකුත් කරමින් සරසවියේ මුදල් මිලියන 130ක් වනතුරු ලබාගෙන තිබෙන බව මුදලින් ‌කොටසක් ‌කොරියානු ජාතිකයන් ‌දෙදෙනා ඔවුන්ගේ රටවල ගිණුම්වලට බැරකර තිබෙන බවත් ලාංකිකයන් ‌දෙදෙනාට ඉතුරු මුදල් ලබාදී තිබෙන බවත් ‌හෙළිවෙමින් තිබේ.

මෙම ‌කොරියානු ජාතිකයන් ‌මෙරට තවත් ව්‍යාපාරික ආයතනවලට ‌මේ අයුරින් වංචා කර ඇති බවට ඇතිවූ සැකයක් මත ඔවුන් රදවාගෙන දීර්ඝ ‌ලෙස ප්‍රශ්න ‌කෙරෙන බව වාර්තා ‌වේ.


No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.