Ad

"සෞඛ්‍යය සේවය කඩා වැටිලා: කොරොනා වසංගතයෙන් ජීවිත ආරක්ෂා කරගන්න"

කොරොනා වසංගතයෙන් පුරවැසි ජීවිත ආරක්ෂා කරගන්න මැදිහත් වෙන්නැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,


"COVID-19 නොහොත් කොරෝනා වෛරසය ලෝක වසංගතයක් බවට පත්වෙමින් තියෙන මොහොතක ලංකාවේ අපිත් මේ ගැන මීට වඩා අවධානයෙන් ඉන්නට ඕනේ.

ඇත්ත වශයෙන්ම කොරෝනා වෛරසය උෂ්ණ සහිත රටවල් අපේ වගේ උෂ්ණ දේශගුණයක් තියෙන රටවල් වල පැතිරෙන්නේ නැහැයි කියලා මතයක් තිබුණත් ඊයේ වෙනකොට බංග්ලාදේශය පවා කොරෝනා වෛරසය පැතිරමින් තියෙන බවට වාර්තා වෙනවා.

ඒ වගේම ලංකාවේ අපේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් කොරෝනා වෛරසය දැනටමත් පැතිර තිබෙන රටවල් වල රැකි රක්ෂා කරනවා, ජිවත් වෙනවා. ඉතාලියේ, දකුණු කොරියාවේ, ජපානයේ, චීනයේ. අන්න ඒ නිසා ඇත්ත වශයෙන්ම එසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරත් කොරෝනා වෛරස් වසන්ගතය වැඩි කල් නොගොස් ලංකාවටත් ඇතුල් වීමේ භයානක තත්වයක් තියෙන බවට අපි තෙරුම් ගන්න ඕනේ.

අන්න ඒ නිසා වර්තමාන රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවාද? ඒ වගේම මේ වසංගතය ලංකාව තුළ ඇති වුනහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියා මාර්ග මොනවාද ? ඒ වගේම ඒ වසංගතය සඳහා අපගේ රොහල් ආදිය සුදානම්ද කියන දේ සම්බන්ධයෙන් රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් තියෙනවා.

විශේෂයෙන්ම මේ කොරෝනා වෛරසය මේ අභියෝගය ලංකාවටත් මුහුණ දෙන්නට වෙන්නේ අපේ සෞඛ්‍යය සේවය පසුගිය මාස කිහිපය ඇතුළතදී කවදාවත් නොදුටු විදියට මහා කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා. අද රෝහල් වල බෙහෙත් නැහැ. එදා අපි ජනතාවට ලබා දුන් බෙහෙත් යලි වතාවක් ඒ සහන නැතිව අධික මිලට ලබා දෙනවා. එදා අපි ජනතාවට ලබා දුන් විවිධ කාච ඇතුළු හැම දෙයක්ම නොමිලේ ලබා දුන් හැමදෙයක්ම නැති කරලා ඇත්ත වශයෙන්ම පසුගිය මාස තුන ඇතුළත වසර 5කට ආසන්න කාලයක් තුළදී අපි ක්‍රමානුකූලව ගොඩ නැගූ සෞඛ්‍යය සේවය යලි වතාවක් මහා කඩාවැටීමකට ලක්වෙලා තියෙනවා. අන්න ඒ වගේ මොහොතකයි අපි කොරෝනා වෛරසයේ අභියෝගයට මුහුණ දෙන්න යන්නේ. 

ඒ නිසා වහාම වර්තමාන රජය මේ සම්බන්ධයෙන් තමන් ගන්නට යන ක්‍රියාමාර්ග කුමක්ද කියලා රටට කියන්න කියලා මම ඉල්ලා සිටිනවා."

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.