Ad

ඉතාලිය හා පැමිණි දකුණු කොරියාවෙන් පැමිණි පුද්ගලයින් 2000ක් නිරෝධායනයට


කොරෝනා වෛරසය සීඝ්‍රෙයන් ව්‍යාප්ත වන ඉතාලියෙන් දකුණු කොරියාවෙන්  පැමිණි 2000කට අධික පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේ, ඔවුන් රැදී සිටින ප්‍රෙද්ශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් මාර්ගයෙන් මෙම කටයුතු සිදු කරන බවයි.

මේ අතර ඉතාලියෙන් හා දකුණු කොරියාවෙන් පැමිණෙන සියලු පුද්ගලයින් වෙනම මධ්‍යස්ථානවල රදවා නිරෝධායනය කිරීමට ද තීරණය කර ඇති බව ඔහු සදහන් කළේය. 

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, 19 දෙනෙකු මේ වන විට අංගොඩ බොවන රෝග විද්‍යායතනයට ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය. 

වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේ, ඔවුන්ගේ ලේ සාම්පල මේ වනවිට පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.