Ad

පාලන මිල යටතේ පාලනය වු ලොකු ළූණු මිල...



පාලන මිල යටතේ ලොකු ළූණු මිල වෙළඳපොල තුළ පාලනය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 

ලොකුලුණු කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති රුපියල් 190 ක උපරිම සිල්ලර මිලට පටහැනි ඉහළ මිල ගණන් යටතේ ලොකුලුණු අලෙවි නොකරන ලෙස වෙළදුන් දැනුවත් කිරීමට එම අධිකාරිය පසුගියදා පියවර ගත්තේය. 

අනතුරුව‍ රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිල උල්ලංඝණය කරමින් ලොකු ලුණු අලෙවිකරන වෙළදුන් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මගින් වැටලීම් ආරම්භ කළේය. 

එම වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට පටහැනිව ලොකු ලුණු අලෙවිකරන වෙළදුන්ට අවවාද කිරීමටද එම අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබේ.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.