Ad

ගරු මන්ත්‍රීතුමා ලෙස ඇමතිය හැකි පිරිසකට ඡන්දය දෙන්න-කරූ

ගරු කටයුතු දේශපාලකයින් තෝරා පත් කරගැනීමේ අවසන් වගකීම ඇත්තේ ඡන්ද දායකයා වෙත බව හිටපු කථානායක  කරු ජයසූරිය මහතා පවසයි.

එම නිසා මෙවර ඡන්දය භාවිතා කිරීමේදී "ගරු මන්ත්‍රීතුමා" යැයි හදවතින් ආමන්ත්‍රණය කළ හැකි පුද්ගලයින් පමණක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවන්නැයි සමස්ත ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා එහිදි ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.
ගෞරවාන්විත දේශපාලන සංස්කෘතියක් සඳහා ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් සැකසුණු මාර්තු 12 ව්‍යාපාරය මගින්  සම්මන්ත්‍රණයක් හිටපු කථානායක  කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්, නිලධාරීන් පිරිසක් මෙන්ම සියළුම දේශපාලන පක්ෂ වල නායකයින් හෝ නියෝජිතයින් සිවිල් සමාජ ක්‍රියාකරුවන් සහ කළාකරුවන් ඇතුළු විද්වතුන්ද මෙම අවස්ථාවට සහභාගී වීය. 

මෙම ව්‍යාපාරයට සුභ පතමින්  දේශපාලන පක්ෂ නියෝජිතයින් සිය අදහස් ප්‍රකාශ කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.