Ad

චමින්ද විජේසිරිගෙන් රනිල් පාර්ශවයට අභියෝගයක්..


රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මහමැතිවරණයේ දී හැකිනම් එක් මැතිවරණ කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අභියෝග කරයි.

බදුල්ල වැලිමඩ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ජනතාව විසින් එක්සත් ජාතික පක්ෂය මෙන්ම පොදුජන පෙරමුණ පාලනය කළ ආකාරය දැක ඇති බවයි.
 
ඔවුන්ගේ දේශපාලනය තුළ තම තමන්ගේ සාක්කු පුරවා ගන්නා ආකාරය ජනතාව දැක ඇති බවත් පැවසු ඒ මහතා, සමගි ජනබලවේගය තුළ රටට අවශ්‍ය නායකයා බිහි කරන බවත් පැවසීය.

මෙවර මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරු දෙදෙනාම ඉදිරිපත් වන බවත්, එහිදී ජනතාවගේ කැමැත්ත ඇත්තේ කොතැන දැයි මෙහිදී බලා ගත හැකි බවත් පැවසු ඒ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පිරිසට හැකි නම් එක මැතිවරණ කොට්ඨාසයක් දිනවන ලෙසත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත්විය යුතු බවට ජනතාව තෝරා ගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් පැවසු ඒ මහතා, මැතිවරණයෙන් පසුව අලියත් හේණ්ඩුවත් යන දෙකම අතට ගන්නා බවත් පැවසීය.

ඒ අනුව රටම දිනවිය හැකි අගමැතිවරයා හා පාර්ලිමේන්තුව සමගි ජනබලවේගය විසින් ඉදිරි මැතිවරණයේ දී නිර්මාණය කරන බවත් චමින්ද විජේසිරි මහතා කියා සිටියේය.

1 comment:

Unknown said...

මුතුහෙට්මුටිගම මා මුතු කදුලින් මා දැසේ පෙම් සිතුවම් බොදවෙන්නෙ තනිවෙන්න ද බුදු ගොඨාභය මහත්තයො අප මෙ ලෙසින් පෙම් කෙළියේ ???
රගමඩලේ ඇල්පිටියේ තනි වෙන්නම් මා හා හා හා ඔබ සැනසේ නම් ඔබ සැනසෙ නම්

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.