Ad

කුරුණෑගල නාමයෝජනා දී ජොනීගේ ‌ගෙදර පාටියක්: මහින්ද එයි: දයාසිරි ‌නොඑයි..



කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමයෝජනා බාරදීමෙන් පසුව අමාත්‍ය ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවෙසේ රාත්‍රී ‌භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.

මෙම රාත්‍රි ‌භෝජන සංග්‍රහයට කුරුණෑගලින් තරග වදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ‌පොහොට්ටුව ‌නියෝජනය කරන සියලුම අපේක්ෂකයන් පැමිණ ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් කුරුණැගලින් ‌පොහ‌ොට්ටුව යටතේ තරග කිරීමට නාමයෝජනා අස්සන් කළ ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‌මෙම සාදයට පැමිණ නැති බව දැනගන්නට ඇත.

නමුත් ශ්‍රීලනිපය නියෝජනය කරන අනෙක් අපේක්ෂකයා වූ ශාන්ත බණ්ඩාර මහතාද එම රාත්‍රී ‌භෝජන සංග්‍රහයට සහභාගී වී සිටීම විශේෂ සිදුවීමකි.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.