Ad

දිනේෂ්ගෙන් පාකිස්ථානු විදේශ ඇමතිට දුරකථන ඇමතුමක්



විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මහමුද් කුරේෂි අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ.

ඊයේ දිනයේ දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර එම දුරකථන සංවාදය සිදුවු බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එහිදී කොවිඩ්-19 වෛරස තත්ත්වයෙන් හටගන ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එය සාර්ථකව මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

එමෙන්ම කොවිඩ් නයින්ටින් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් කලාපය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය සහ ඉදිරියේදී පැමිණෙන අභියෝගවලට සාර්ථකව මුහුණ දීම පිළිබඳව එම දුරකතන සංවාදයේ අවධානය යොමුකර ඇති බව සඳහන්ය.

සාර්ක් කලාපයේ සාමාජික රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව පාකිස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කර ඇත.

එමෙන්ම කලාපය තුළ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සදහා සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙරටේ රාජ්‍ය නායකයින් අතර සිදුවූ දුරකතන සංවාදයේදී එකඟතාවකට එළඹි බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

No comments:

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.